ඥානසාර හිමියන්ට වරෙන්තු

  👤  3185 readers have read this article !
By mawbima 2018-03-16

කවින්ධ්‍යා පෙරේරා

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව අත්අඩංගුවට ගෙන...අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඊයේ (15දා) වරෙන්තු නිකුත් කරනු ලැබීය.
ජාතීන් අතර අසමඟිය සහ වෛරය ජනිත වන ප්‍රකාශ සිදු කළේ යැයි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් පවරා තිබූ නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කරනු ලැබීය.

ඥානසාර හිමියන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ මහතා සඳහන් කර සිටියේ උන්වහන්සේ ජපානයේ සංචාරයකට සහභාගි වී ඇති බවයි.
ආගමික අසමඟිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඉකුත් ජුනි 21 වැනිදා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ස්වාමීන් වහන්සේ රුපියල් 10,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප 2ක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි.

නඩුව යළිත් මැයි මස 10 වැනිදා කැඳවීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon