හදිසි නීතිය ඉවත් කරන්න එපා!

  👤  3194 readers have read this article !
By mawbima 2018-03-16

මහනුවර ඇතිවූ ජාතිවාදී ස්වරූපයේ ගැටුම්වල පරීක්ෂණ අවසන් වනතුරු හදිසි නීතිය ඉවත් නොකරන ලෙස ආරක්ෂක අංශ රජයෙන් ඉල්ලා තිබේ.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ඇතුළු ආරක්ෂක ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් සතිපතා රැස්වෙන ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ඔවුන් මෙම ඉල්ලීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කර ඇත.


ජාතිවාදී ස්වරූපයෙන් මහනුවරදී ඇතිවූ ගැටුම්වල පරීක්ෂණ 70%ක් පමණ අවසන් බවත් ඉතිරි පරීක්ෂණ කඩිනමින් අවසන් කරන බවත් ආරක්ෂක ප්‍රධානීන් අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබේ.
සිද්ධීන්වලට අදාළ පරීක්ෂණ අවසන් අදියරට පැමිණ තිබෙන අවස්ථාවේ ඒ සියල්ල අවසන් වන තෙක් හදිසි නීතිය පවත්වාගෙන යන ලෙස ආරක්ෂක ප්‍රධානීන් අග්‍රාමාත්‍යවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

ආරක්ෂක අංශ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීම ජපන් සංචාරය නිමවා හෙට (17දා) ලංකාවට පැමිණෙන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon