ෆේස්බුක් දැන් වැඩ

  👤  2959 readers have read this article !
By mawbima 2018-03-16

මහනුවර ආශි්‍රතව සිදුවූ අවාසනාවන්ත සිදුවීම් හේතුවෙන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ ෆේස්බුක් තහනම ඊයේ (15දා) පස්වරුවේදී ඉවත් කර ඇත.
මෙම තහනම ඉවත් කර ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විදුලි සන්දේශ නියාමන කොමිසම වෙත ෆේස්බුක් වෙබ් අඩවිය වෙත පිවිසීමට තිබූ තාවකාලික අවහිරය වහාම ක්‍රියාත්මක වන පරිදි සක්‍රිය කරන ලෙස නිකුත් කරන ලද නියෝගයකට අනුවයි.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා හා ෆේස්බුක් නිලධාරීන් අතර ඊයේ (15දා) පෙරවරුවේදී ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේ තීරණ හා එකඟතා පිළිබඳ දැනට ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපතිවරයා විසින් විමසා බැලීමෙන් අනතුරුව මේ නියෝගය නිකුත් කර තිබේ.

ජනාධිපති ලේකම්වරයා හා ෆේස්බුක් සමාජ ජාලයේ නියෝජිතයන් සමඟ පැවැති එම සාකච්ඡාවේදී සමාජ මාධ්‍ය අවභාවිත කරමින් ජාතිවාදය, වර්ගවාදය, ආගම්වාදය, පතුරුවා හරිමින් ජන ජීවිත අඩාල කිරීම හා මහජන ආරක්‍ෂාව කඩාකප්පල් කිරීම සඳහා ඇතැම් කලහකාරී සහ අන්තවාදී පිරිස් විසින් සමාජ මාධ්‍ය ජාල අවභාවිත කිරීම පිළිබඳව දැඩි අවධානය යොමු විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon