O/L විෂය විෂය 6 කට සීමාවෙයි

  👤  3372 readers have read this article !
By mawbima 2018-03-16

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විෂයය සංඛ්‍යාව 9 සිට 6 දක්වා අඩුකරමින් එම විෂය නිර්දේශය ප්‍රතිව්‍යුහගත කිරීමටද ජාතික අධ්‍යාපන ආයතනයට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් උපදෙස් දී ඇත.

විෂයය සංඛ්‍යාව අඩු කළේද, එසේ සිසුනට පැවැරී ඇති අනවශ්‍ය බර සැහැල්ලු කිරීම සඳහා බවද අමාත්‍යවරයා කීවේය.
සාමාන්‍ය පෙළ අසමත් වුවත් අඛණ්ඩව 13 ශේ්‍රණිය දක්වා අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහන වෙනුවෙන් නව විෂයයන් 26ක් හඳුන්වා දුන් බව පැවැසූ ඇමැතිවරයා මේ වසරේ සාමාන්‍ය පෙළ අසමත් වන කිසිවකු උසස් පෙළ අධ්‍යාපනයෙන් ගිලිහී නොයන බවද පැවැසීය.

ඇමැතිවරයා එසේ පැවැසුවේ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ට 2 වැනි පන්තියට උසස් කිරීමේ නිල ලිපි පිළිගැන්වීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේදී ඊයේ (15දා) දහවල් පැවැති රැස්වීම අමතමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon