ඩී. එස්. - මහානාම මහා ක්‍රිකට් ගැටුම අදත් හෙටත් සරා ඕවල් පිටියේදී

  👤  2975 readers have read this article !
By mawbima 2018-03-16

ගමිත දෙහිපිටිය

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර 12 වැනි වරටත් පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය හෙවත් 'රන් සටන' අද (16දා) හා හෙට (17දා) කොළඹ පී. සරා ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
'රන් සටනේ' මෙතෙක් පැවැති තරගවලදී ඩී.එස්. සේනානායක විද්‍යාලය 2014 වර්ෂයේ පැවැති තරගය ජයග්‍රහණය කරමින් පෙරමුණේ පසුවෙයි. තවද මහා ක්‍රිකට් තරගයට සමගාමීව පැවැති එක්දින තරගවලදී මහානාම විද්‍යාලය තරග 7ක්ද ඩී.එස්. සේනානායක විද්‍යාලය තරග 4ක්ද ජයග්‍රහණය කර ඇත.

විහාන් ගුණසේකර ඩී.එස්. සේනානායක විද්‍යාලයීය කණ්ඩායමේ නායකත්වය ද මුදිත ලක්ෂාන් එහි උප නායකත්වය ද දරයි. ඩී.එස්. සේනානායක විද්‍යාලයීය කණ්ඩායමේ ප්‍රබලම ක්‍රීඩකයා බවට පත් වී ඇති මුදිත ලක්ෂාන් මෙම තරගවාරයේ තරග 15 කට සහභාගී වෙමින් ලකුණු 850ක් රැස්කරගෙන ඇති අතර දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 56කි. තවද මහානාම විද්‍යාලයීය කණ්ඩායමේ නායකත්වය හේෂාන් හෙට්ටිආරච්චි හට හිමි වී ඇත. එහි උප නායකත්වය දරන්නේ පැතුම් බොතේජු විසිනි. මෙවර තරගවාරයේ තරග 10කට සහභාගී වෙමින් ලකුණු 650ක් ලබාගෙන ඇති පවන් රත්නායක සහ තරග 10කදී කඩුලු 60ක් දවාගෙන ඇති හෂාන් සංදීප මහානාම විද්‍යාලයීය කණ්ඩායමේ ප්‍රබලම ක්‍රීඩකයන් ලෙස හැඳින්විය හැකිය.

මේ අතර 'රන් සටන' මහා ක්‍රිකට් තරගයට සමගාමීව අරවින්ද ද සිල්වා අභියෝගතා කුසලානය සඳහා වන එක්දින ක්‍රිකට් තරගය මාර්තු මස 24 වැනිදා පැවැත්වෙන්නේ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon