ජාතික ආණ්ඩුවේ ගැටලු එකමුතු වී විස¼දාගත යුතුයි

  👤  3134 readers have read this article !
By mawbima 2018-03-16

ජාතික ආණ්ඩුවේ ප්‍රායෝගික ගැටලු තිබේ නම් ඒවා විස¼දා ගැනීමට දේශපාලන පක්ෂ දෙකේම නියෝජිතයන් අවධානය යොමු කළ යුතු යැයි. තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය පවසයි.
අමාත්‍යවරිය මේ බව පැවැසුවේ පසුගියදා මොනරාගල ප්‍රාදේශීය සභා ගොඩනැඟිල්ල, සතිපොළ හා නගරයට පිවිසෙන අතුරු මාර්ගය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

ජාතික ආණ්ඩුව යටතේ සාධනීය වැඩ කොටසක් සිදුවුණත් සමාජය තුළ පවතින විවිධ ගැටලු හමුවේ ආණ්ඩුව කළ යහපත් වැඩසටහන් යටපත් වෙලා.
සමාජයේ උද්ගතව ඇති වෘත්තීය සමිති ඉල්ලීම්, සයිටම් ගැටලුව, ආර්ථික ප්‍රශ්න සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධි ජාතික ආණ්ඩුව සිදුකළ යහපත් වැඩ යටපත් කිරීමට හේතු වුණා.

මෙම සියලු ගැටලු සඳහා ජාතික ආණ්ඩුව ලෙස එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ව විසඳුම් ලබාදිය යුතුයි. එම සියලුම ගැටලු සඳහා වෙන් වෙන්ව අවධානය යොමුකර ස්ථීර විසඳුම් ලබාදිය යුතුයි.

නුවන් හෙට්ටිආරච්චි

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon