බහාලුම් මෙහෙයවන වරායන් අතරින් කොළඹ ඉන්නේ 23 වැනි තැනයි

  👤  3173 readers have read this article !
By mawbima 2018-03-16

බහලුම් සිදුකරන ලෝකයේ විශාලතම වරායන් 50 අතරින් 23 වැනි තැනට කොළඹ වරාය මේ වනවිට පත්ව ඇතැයි වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

දකුණු ආසියාවේ ඇති සියලුම වරායන් එම දර්ශකයේදී අත්කර ගෙන ඇත්තේ අප රටට වඩා පහළ ස්ථාන බවද වරාය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
මහින්ද සමරසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (14දා) වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. කොළඹ වරායේ මෙහෙයුම් සඳහා ප්‍රධාන පර්යන්ත 3 සාමූහික ගිවිසුමකට එළැඹීම පිළිබඳව දැනුවත් කිරීමට මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබිණි. එහිදී අමාත්‍යවරයා මෙසේද පැවැසීය.
කොළඹ වරාය තුළ ක්‍රියාත්මක වන ප්‍රධාන පර්යන්ත තුන එක් කරන්නට හැකිවීම පිළිබඳව මම ඇත්තටම සතුටු වෙනවා. මෙය ඓතිහාසික අවස්ථාවක්. මීට ඉස්සර වෙලා මේ පර්යන්ත තුන වෙන වෙනමයි පාලනය වුණේ. කොළඹ වරාය ජාත්‍යන්තරයට ගෙන ගොස් ප්‍රචලිත කරන්නට මේ නිසා අපිට හැකි වෙනවා. මේ පාර්ශ්වයන් තුනටම එයින් ප්‍රතිලාභද අත්වෙනවා.

විශේෂයෙන්ම අපේ රටේ ආර්ථිකයට මින් අත්වන ශක්තිය විශාලයි. ඒ වෙනුවෙනුයි වරාය අධිකාරියේ සභාපතිවරයා ඇතුළු පිරිස් මෙම තීරණයට එළඹිලා තිබෙන්නේ.
මෙම ගිවිසුම අස්සන් කිරීමෙන් අනතුරුව විශේෂ වැඩසටහනක් කොළඹ වරායේ උන්නතිය වෙනුවෙන් සිදුකරන්නටත් අපේ බලාපොරොත්තුවක් තිබෙනවා.
කොළඹ වරාය හවුල්කාරි ඉඒට්ඊ පර්යන්තය හරහා කෙරෙන ගනුදෙනු දිහා බලපුවහම බහලුම් මිලියන 1.8ක් 2017දී ඔවුන් වාර්තා කරලා තිබෙනවා. ඛ්ධ්ඛ්ඊ පර්යන්තයටත්
මේ වනවිට විටින් විට ආයෝජනය කිරීම තුළින් මිලියන 600ක් පමණ ආයෝජනය කර තිබෙනවා.

ඛ්ධ්ඛ්ඊ පර්යන්තය මේ වනවිට බහලුම් මිලියන 2.4කට කිට්ටු වෙන්න බහලුම් ප්‍රමාණයක් සිදුකරලා තිබෙනවා. මේ පර්යන්තය අද විශාල වශයෙන් දියුණු වෙලා. මෙම පර්යන්ත තුනේම වර්ධනයක් අපට පෙනෙන්නට තිබෙනවා. 2017 අග වෙනකොට කොළඹ වරාය බහලුම් මිලියන 06ක් සිදුකරලා තිබෙනවා. මේ අවුරුද්ද අවසානය වෙනකොට බහලුම් මිලියන 07ක් දක්වා වැඩිකර ගැනීමට අපි උත්සාහ දරනවා. දැන් අලුත් නැව් අපේ රටට එනවා. අලුත් නැව් සමාගම් අපේ රටට එන්න පටන් අරන් තිබෙනවා. මේ ගිවිසුමත් සමඟ අපි ආරම්භ කරන ජාත්‍යන්තර වැඩපිළිවෙළ හරහා තවත් නැව් සමාගම් අපත් සමඟ ඉදිරියේදී එකතු වේවි.

බ්ඛ්ඊ පර්යන්තයත් පුළුල් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා කැබිනට් අනුමැතියත් මට ලැබී තිබෙනවා වගේම ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමත් සිදුකර තිබෙනවා. කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයේ වැඩ කටයුතුත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය හරහා සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා. කොළඹ නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත්කරන්නට හැකි වෙනවා
මේ නිසා අපිට ඉදිරියේදී.

ඒ වගේම මෙම කටයුතු හරිත ක්‍රමයකට සිදුකිරීමට අපේ බලාපොරොත්තුව. පරිසර ඇමැතිවරයා හැටියට ජනාධිපතිවරයා එසේ කරන්නට මට උපදෙස් ලබාදී තිබෙනවා.
ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon