ගම්මිරිස් ගොවීන්ට පහරදුන්නේ ආණ්ඩුවට හිතවත් මැර පිරිසක්

  👤  3806 readers have read this article !
By mawbima 2017-07-17

17-07-2017 MAWBIMA (20).jpg (600×350)

පසුගියදා ඇඹිලිපිටියේදී ගම්මිරිස් ගොවීන්ට පහරදීම සිදු කළේ ආණ්ඩුවට හිතවත් පාර්ශ්වයක් බවත් යහපාලනය නාමයෙන් කෙරෙන මර්දිත පොලිස් රාජ්‍ය සංකල්පය යටතේ එම ගොවීන්ට සිදුකළ පහරදීම ඒකාබද්ධ විපක්ෂය හෙළා දකින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

පොලිසිය ඉදිරිපිට සිටියදී මෙම පහරදීම සිදුකර ඇති බවත් ගොවි ජනතාව ආරක්ෂා කිරීමට රජයේ ප්‍රතිපත්ති සම්පාදකයන් උනන්දුවක් නොදක්වන බවද හෙතෙම කීය.
පසුගිය 14දා බොරැල්ල එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවැසුවේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීය.

"පසුගියදා ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට රජයේ පාර්ශ්වකරුවන් විසින් ගම්මිරිස් ගොවීන්ට පහර දෙනු ලැබුවා. මේ රජය පත්වීමෙන් පසු අපේ රටේ දේශීය කෘෂිකාර්මික අංශයට, ගොවීන්ට දිගින් දිගටම පහර දුන්නා. එය විවිධ ස්වරූපවලින් සිදු වුණා. පොහොර සහනාධාරය කපා දැම්මා. ගොවි නිෂ්පාදන සඳහා තිබූ සහතික මිල ඉහළ නැංවීම නතර කළා. අතිරික්ත නිෂ්පාදන මත්තල ගුවන් තොටුපොළේ ගබඩා කරලා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඇති වූ සංවර්ධනයට ඔච්චම් කළා. දේශීය කෘෂිකාර්මික අංශය දියුණු කරන්න තිබුණු බාධා කිරීම් හා සීමා කිරීම් නවත්තලා වක්කඩ කැඩුවා වගේ ආනයනික කෘෂි නිෂ්පාදනවලට රට ඇතුළට එන්න අවසර ලබාදුන්නා.
මෙහි ප්‍රතිඵලයක් හැටියට තමයි ගම්මිරිස් ගොවීන් උද්ඝෝෂණය කරන්නේ. ගම්මිරිස් කියන්නේ ලංකා ඉතිහාසයේ දීර්ඝ කාලයක් තිස්සේ එන අපනයන භෝගයක්. ඉතාම ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ගම්මිරිස් නිෂ්පාදනය කරන්නේ ලංකාවේ කියලා තමයි අන්තර්ජාතික පිළිගැනීම තිබෙන්නේ. නමුත් මේ රජය පත්වීමෙන් පසු තමන්ගේ දේශපාලන ගජ මිතුරන්ට වාසි සැලසීම සඳහා වියට්නාමයෙන් ගම්මිරිස් තොග වශයෙන් ආනයනය කරන්න ගජ මිතුරන් කිහිප දෙනකුට බලපත්‍ර ලබාදී තිබෙනවා.
සුළු කෘෂි බෝග වන කරදමුංගු, සාදික්කා, කුරුඳු වැනි ද්‍රව්‍යවල අපනයන වෙළෙ¼දාම මේ වනවිට කඩා වැටිලා තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව අනුව සුළු කෘෂි අපනයන බෝගවල 2012 වසරේ අපනයන වටිනාකම රුපියල් බිලියන 9යි.

මහින්ද රාජපක්ෂ යුගය නිම වන විට 2015දී සුළු කෘෂි බෝගවලින් ලැබූ ආදායම රුපියල් බිලියන 22යි. 2015 සහ 2016 භාවිත කළ වැරැදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා කෘෂි බෝග අපනයන ඉපැයුම බිලියන 16 දක්වා අඩු වෙලා තිබෙනවා. මෙය දරුණු කඩාවැටීමක්.

රට ඇතුළේ නිෂ්පාදනය කඩා වැටිලා දේශීය ඉල්ලුමට සරිලන විදියටත් නිෂ්පාදනය වන්නේ නැහැ. හාල් ගබඩා කරගන්නවත් ඉඩක් නොතිබූ රටකට අද රටවල් 4කින් සහල් ආනයනය කරන්න බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පැවැසුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතා
ගම්මිරිස් ප්‍රධාන වශයෙන් අපනයනය කරන භෝගයක් බවට පත්ව තිබෙනවා. මේ හරහා රටට විශාල මුදල් ප්‍රමාණයක් ගලා එනවා. මේ වගා කන්නය තුළ ගම්මිරිස් ගොවීන්ට ලබාදෙන මිල ගම්මිරිස් කිලෝවක් සඳහා රු. 650ක් දක්වා අඩු කරලා තියෙනවා. ගොවියාගේ ආදායම් මට්ටම ඉතාම බරපතළ මට්ටමකින් පහත බැහැලා තිබෙනවා.

ඉෂාරා සිල්වා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon