දූෂණ විරෝධී ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චය මණ්ඩලයට එරෙහි වන්නේ වංචනිකයන්ගේ ආරක්ෂකයන්

  👤  3221 readers have read this article !
By mawbima 2018-03-16

දූෂණ විරෝධී ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චයකාර මණ්ඩල පිහිටුවීමට කවුරුන් හෝ විරෝධය පළ කරන්නේ නම් ඔවුන් සැම වංචනිකයන් ආරක්ෂා කිරීමට උත්සාහ දරන්නන් යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා පවසයි.

එම විනිශ්චයකාර මණ්ඩල පිහිටුවීම වළක්වාලීම සඳහා පාර්ශ්ව කිහිපයක් ශේ‍ර්ෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කිරීම පිළිබඳ අදහස් දක්වමින් ඊයේ (15දා) විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.
අමාත්‍යවරයා මෙසේද කීය.

පමා වෙමින් පවතින නඩු විභාග කඩිනම් කිරීමේ අරමුණින් අදාළ වැඩපිළිවෙළ රජය විසින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කළ බවත් ඉතා කඩිනමින් එම අධිකරණ ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වෙනවා.
මේ සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහස් පවා ඉදිරිපත් වුණා. මේ වන විට මේ විනිශ්චයකාර මණ්ඩල පිහිටුවීමට එරෙහි වන පාර්ශ්වයන් පිළිබඳ පවතින්නේ ගැටලු සහගත තත්ත්වයක්.

එම කාරක සභාව සඳහා සහභාගි වෙමින් ඊට අදාළ සියලු කටයුතු අවසන් වීමෙන් පසුව දේශපාලන පක්ෂ වක්‍රව මීට විරෝධය එල්ල කරන්නේ වංචනිකයන් ආරක්ෂා කිරීමේ දැඩි අවශ්‍යතාව නිසයි.

එසේම නීතිඥ සංගමයේ සභාපති වූ පමණින් යූ.ආර්. ද සිල්වා හට නීතිඥ සංගමයේ මතය ප්‍රකාශ කරන්න බැහැ. එසේ නම් නීතිඥ සංගමයේ මහ සභාවක් රැස්කොට එම මතය ප්‍රකාශ කළ යුතුයි. වගකිවයුතු නීතිඥයන් ලෙස නඩු කටයුතු පමා නොකොට වැරැදිකරුවන්ට දඬුවම් කිරීමේ පසුබිම නිර්මාණය කිරීම වෘත්තීය යුතුකමක්. මෙවැනි විරෝධතා දක්වන ඇතැම් නීතිඥයන් නිසා එම වෘත්තීය ගෞරවයට පවා හානියක් සිදුවනවා.

හර්ෂනී අර්සකුලරත්න

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon