තිස්සමහාරාමයේ වෙළෙඳසලක් හදිසි ගින්නකින් ගිනිබත් වෙලා

  👤  3102 readers have read this article !
By mawbima 2018-03-16

තිස්සමහාරාම - රංජිත් මාදලගේ

තිස්සමහාරාම නගරයේ වෙළෙඳසලක හටගත් ගින්නක් හේතුවෙන් වෙළෙඳසල සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබේ.
නගරයේ ප්‍රධාන වීදියේ පවත්වාගෙන ගිය ගෘහ ආලේපන තීන්ත ඇතුළු භාණ්ඩ අලෙවි කරන අලෙවිසලේ ගින්න හට ගෙන ඇත්තේ ඊයේ පෙරවරුවේදීය.
වීරවිල ගුවන් හමුදා ගිනි නිවීමේ ඒකකය විසින් ගින්න නිවා දමා ඇති අතර අවට කඩවලට ගින්න පැතිර යෑම වළක්වා ගැනීම සඳහා ගුවන් හමුදාවේ ගිනි නිවීමේ ඒකකයට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. ගින්න නිවා දැමීම ස¼දහා ප්‍රදේශවාසීන්ගේ පූර්ණ අනුග්‍රහයද ලැබී තිබිණි.

දෙපස කඩ දෙකකටද ගින්නෙන් අර්ධ හානි සිදුවී තිබේ. මේ ගින්න විදුලි කාන්දුවකින් සිදුවී ඇති බවට පොලිසිය සැක කරයි. සිද්ධිය පිළිබඳව තිස්සමහාරාම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජූඩ් පෙරේරා මහතා ප්‍රමුඛ පොලිස් නිලධාරීහු වැඩිදුර
පරීක්ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon