පූර්ණ වඳභාවය හෝ මඳසරු බව ඇති කළ හැකි ‘පෙත්තක්’ ලෝකයේ දැනට සොයාගෙන නෑ

  👤  3145 readers have read this article !
By mawbima 2018-03-16

පූර්ණ වඳ භාවය හෝ මඳසරු බව ඇති කළ හැකි පෙත්තක් දැනට සොයාගෙන නොමැති බවත් මාත්‍රාවක් හෝ මාත්‍රා කිහිපයක් කෑමට ඉසීමෙන් වඳභාවය කළ නොහැකි බවත් විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා පැවැසීය.
ඔහු එසේ පැවැසුවේ වඳ භාවය ඇතිකරන බෙහෙත් පෙති පිළිබඳ පවතින සමාජ කතිකාව පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය. ශ්‍රී ලංකා වෛද්‍ය සම්මේලන ශ්‍රවණාගාරයේදී එම මාධ්‍ය හමුව ඊයේ (15දා) පැවැත්විණි.

වෛද්‍යවරුන් රැසක් සහභාගි වූ එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට ඔවුහු මෙසේද පිළිතුරු දුන්හ.
වඳභාවය ඇති කළ හැකි ඔෟෂධ ආයුර්වේදයේත් තිබෙන බව කියැවෙනවා? වෛද්‍ය උපුල් දිසානායක මහතා
අපි බටහිර වෛද්‍යවරුන්. ආයුර්වේදයේ එහෙම දෙයක් තියෙනවාද නැද්ද කියලා කියන්න අපේ විශේෂඥභාවය මදි. සායන විද්‍යානුකූලව එහෙම දෙයක් ඇති කිරීමේ හැකියාව නැහැ යන බව මගේ පෞද්ගලික මතයයි. බටහිර වෛද්‍ය විද්‍යාව පසුගිය වසර 30 තුළ විවිධ පරීක්ෂණ කර තිබෙනවා. පුරුෂ උපත් පාලන පෙත්තක් සකස් කරන්න. දැනට එහෙම පෙත්තක් හදල නැති බව 100%ක්ම කියන්න පුළුවන්. ආයුර්වේදයේ එවැනි යමක් හදන්න පුළුවන් කියනවා නම් ඒක පුදුමසහගතයි. තාවකාලික වඳ භාවයක් ඇති කිරීම සඳහා තනපට හෝ ඇඳුම්වල ගෑවීමෙන් යමක් කළ හැකිද කියන ප්‍රශ්නයට දෙන්න තිබෙන උත්තරය එහෙම කළ නොහැකියි යන්නයි. තනපටවල යමක් ගාලා ලිංගික උත්තේජනය අඩු කිරීමට හෝ වැඩි කිරීමට යමක් නැති බවත් අපට විශ්වාසයි.

අම්පාරේදී හමු වූ බවට සැක කෙරුණු වඳ පෙත්ත ගැන පරීක්ෂණයක් කර තිබේද?

මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා
ඒ පිළිබඳ අවසන් නිගමනය දෙන්නේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවයි. එම ද්‍රව්‍ය 'පිටි' බව ඔවුන් අනාවරණය කර තිබෙනවා.
පිළිකා ඇති කරමින් සිදු කරන ඝාතන ගැන ලෝකයේ කතා වෙනවා. බොබ්මාලේගෙ මරණයත් එවැන්නක් බව කියැවෙනවා. ඒවා පිළිගත හැකිද?
ඒ පිළිබඳ තීරණාත්මක සාධක අපට නැහැ. එවැනි චෝදනා තිබෙනවා නම් ඔප්පු කරන්න ඕන පර්යේෂණාගාරවල. බොබ්මාලේ ඝාතනයට සී.අයි.ඒ. සම්බන්ධ බවට මතයක් තිබෙනවා. නමුත් ඒක ඔප්පු වෙලා නැහැ.

හෘද රෝග ඇති කරන බවට තවත් අදහසක් තිබෙනවා?

ඒවාට දෙන මාත්‍රාවක් තියෙනවා. වුවමනාවට වඩා බෙහෙත් පෙති ගත්තොත් හෘද රෝග ඇති වෙන්න පුළුවන්.
මහාචාර්ය චාන්දනී වනිගතුංග මහත්මිය
සමහර ඔෟෂධවල අතුරුපලයක් ලෙස සරු බව තාවකාලිකව අඩුවෙන්න පුළුවන්. ඒ ඉතාමත් සුළු ප්‍රමාණයකින්. එම ඔෟෂධ ගැනීම නැවැත්තුවම සරු බව යථා තත්ත්වයට පත් වෙනවා.

පිරිමි අයගෙ මඳසරු බව වැඩි වී ඇති බව කියැවෙනවා. මේක සත්‍යයක්ද?

විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් සේනානායක මහතා
පුරුෂ මඳසරු බව වැඩි වන ගතිය සමීක්ෂණවලින් පෙන්වනවා. නමුත් ඒකට එක හේතුවක් තමයි ඒ අය පරීක්ෂණවලට ඉදිරිපත් කිරීම. පරිසර තත්ත්වය, ජීවන රටාව ඇතුළු සංකීර්ණ සාධක ඊට හේතුවන නමුත් බෙහෙත් පාවිච්චියෙන් එහෙම වෙනව කියන්න හැකියාවක් නැහැ.

මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න මහත්මිය
රටේ මඳ සරු බව 15%ටත් වැඩි වෙලා කියලා පේනවා. සායනවලට උදවු සොයාගෙන එන සංඛ්‍යාව වැඩියි. දුම්පානය, මද්‍යසාර, ප්ලාස්ටික් ආදියත් මඳසරු බවට හේතු වෙනවා.

වඳ පෙති තැනින් තැනින් අත්අඩංගුවට ගත් බව පසුගිය කාලයේ අසන්නට ලැබුණා. ඒ පෙති ගැන සෞඛ්‍ය අංශ පරීක්ෂණයක් කළාද?
වෛද්‍ය උපුල් දිසානායක මහතා
එවැනි පෙති හමු වුණාද නැද්ද බැලීම අපේ රාජකාරියක් නෙවෙයි. එය නීතිය රකින ආයතනවල සිද්ධියක්. හැබැයි අහුවුණාලු, තිබුණාලු. කිව්වත් අහවල් පොලිසිය සොයා ගත්ත කියල අපි දන්න තරමට යමක් නැහැ.
'ලු' කියන අවිනිශ්චිත බව ගැන කතා කරන්න ඔබ අකැමැති බව කිව්වත් මුලදී කිව්වා දන්නා විදියට වඳ පෙති තියෙන්න බැහැ කියලා. ඒ කියන්නේ නොදන්නා විදියට තිබිය හැකි බවද?

උත්තරය ඔව්. මම දන්නා පරිදි යමක් කීම හොඳයි. බටහිර වෛද්‍ය මූලධර්ම මත එවැනි යමක් තිබීමේ හැකියාවක් නොමැති බව මට 100%ක් විශ්වාසයි.
ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාමිණී විදානපතිරණ මහත්මිය
ආහාරයක් පිළිබඳ ප්‍රශ්නයක් ආවාම මහජන සෞඛ්‍ය පරීක්ෂකට දැනුම් දුන් පසු අදාළ ස්ථානයට ගිහින් සාම්පල් ගන්නවා. ඒවා පරීක්ෂණ සඳහා යවනවා. ආහාර පනත යටතේ නඩුවක් දමන්න පොලිසියට බලයක් නැහැ.
වෙළෙඳපොළේ රසායනික යෙදූ ‍ෙදාඩම්, ඇපල්, මිදි, කෙසෙල් ආදී පලතුරු තිබෙන බව කියැවෙනවා. ඒවා කෑමට අනුමත කරනවාද?
වෛද්‍යවරියක්
නැහැ.

ඇයි අනුමත නොකරන්නේ?
වෛද්‍ය උපුල් දිසානායක මහතා
ඒ ගැන කතා කිරීම අපේ මාතෘකාවට අදාළ නැහැ කියලයි මම හිතන්නේ. ඔය කියන ප්‍රශ්නය තිබෙනවා. අපි ඒ ගැන හදාරල නැහැ.
ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා

බි්‍රතාන්‍යය 2013 දී තමයි පිරිමි වඳ පෙති ගැන මීයන් යොදා ගෙන අවසන් වරට පරීක්ෂණ කරල තියෙන්නේ. ඒකත් අසාර්ථක වී තිබුණා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon