මෛත්‍රී හිරෝෂිමා නගරයේ සංචාරයක

  👤  3060 readers have read this article !
By mawbima 2018-03-16

ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා දෙවැනි ලෝක යුද සමයේ පරමාණු බෝම්බ ප්‍රහාරයකට ලක් වූ හිරෝෂිමා ප්‍රදේශයේ ඊයේ (15දා) සංචාරයක නිරත විය.
හිරෝෂිමා නගරය වෙත ගිය ජනාධිපතිතුමා එහි නගරාධිපතිවරයා විසින් පිළිගත් අතර, අනතුරුව හිරෝෂිමා ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිතුමා එහි කෞතුකාගාරය නැරඹීමටද එක්විය.

1945 වසරේ අගෝස්තු 06 වැනිදා ලොව ප්‍රථම පරමාණු බෝම්බ ප්‍රහාරය හිරෝෂිමාවට එල්ල විය.
එහිදී නගරයෙන් සියයට අනූවක් පමණ විනාශ වූ අතර, එකවර මියගිය සංඛ්‍යාව අසූදහසකට අධිකය.
වසර අවසානයේ එම මරණ සංඛ්‍යාව එක්ලක්ෂ හතළිස්දහස දක්වා ඉහළ ගියේය.

මෙම ඛේදවාචකය සිදුවූ ස්ථානය නැරඹූ ජනාධිපතිතුමා ටික වේලාවක් එහි නිදහසේ ගත කළේය.
එමෙන්ම එම භූමියේ සංරක්ෂණය වෙමින් පවතින ගොඩනැඟිල්ලද මෙහිදී ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon