වට්ස්ඇප් අද සිට වැඩ

  👤  2816 readers have read this article !
By mawbima 2018-03-15

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

වට්ස්ඇප් සමාජ ජාලයට පනවා තිබූ තාවකාලික තහනම ඊයේ (14දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.ඒ අනුව වට්ස්ඇප් සමාජ ජාලය වෙත පිවිසීමට අවස්ථාව ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය සහ ආරක්ෂක අමාත්‍යාංශය විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට දැනුම් දී ඇත.

එමෙන්ම 16දා වන විට අනෙකුත් සමාජ මාධ්‍ය ජාලවලට පිවිසීමට ඇති බාධාද ඉවත් කරනු ඇති බව විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.
පසුගිය දිනවලදී රටේ ඇතැම් ප්‍රදේශවල කලහකාරී සිදුවීම් හටගත් අවස්ථාවේදී ඇතැම් පිරිස් වර්ගවාදී අදහස් සමාජ මාධ්‍ය හරහා පළ කිරීම නැවැත්වීමට රජය විසින් සමාජ මාධ්‍ය පාලනය කිරීමට පසුගියදා කටයුතු කරන ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon