ඕස්ට්‍රේලියාවෙන්-ස්විට්සර්ලන්තයෙන් ශ්‍රී ලාංකිකයෝ 26ක් පිටුවහල් කෙරෙති

  👤  2753 readers have read this article !
By mawbima 2018-03-15

කටුනායක - ගයා තිරිමාදුර

නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සහ ස්විට්සර්ලන්තයට ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 26 දෙනකු එම රටවලින් පිටුවහල් කර ඊයේ (14දා) උදෑසන යළිත් ආපසු ශ්‍රී ලංකාවට එවා ඇත. මෙයින් ශ්‍රී ලාංකිකයන් 15 දෙනකු ඊයේ අලුයම 6.20ට පමණ ඕස්ට්‍රේලියාවේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබිණි.

මීට අමතරව තවත් ශ්‍රී ලාංකිකයන් 11 දෙනකු ඊයේ දින උදෑසන 9.00ට පමණ ස්විට්සර්ලන්තයේ සිට එරටට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබිණි.

මේ පිරිස සමඟ එම රටවලට අයත් විශාල ආරක්ෂක භට පිරිසක්ද එම ගුවන් යානාවල පැමිණ සිටියහ.
මෙරටට ආපසු එවූ පිරිස අතර සිංහල මෙන්ම ද්‍රවිඩ ජාතිකයන්ද සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙක් පැවැසීය.
මොවුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව නිදහස් කර හැරීමට නියමිත බව කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon