ෆේස්බුක් සමාගම සමඟ අද ජනපති ලේකම් සාකච්ඡාවක්

  👤  3039 readers have read this article !
By mawbima 2018-03-15

පහන් විජේසේකර

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ෆේස්බුක් සමාගමේ නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් අද (15දා) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.එම සාකච්ඡාවලින් අනතුරුව හැකි ඉක්මනින් ෆේස්බුක් වෙබ් අඩවියට පනවා ඇති තාවකාලික වාරණය ඉවත් කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂණය සහ ආවේක්ෂණය ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරනු ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

සමාජ මාධ්‍ය ජාල අවභාවිත කරමින් ජාතිවාදය, වර්ගවාදය පතුරුවා හරිමින් ජන ජීවිතය අවුල් කිරීම හා පුද්ගල ප්‍රතිරූපවලට හානි කිරීම වැළැක්වීම සඳහා වූ නියාමන ක්‍රමවේදයක අවශ්‍යතාව සම්බන්ධයෙන් වූ කරුණු එහිදී සාකච්ඡාවට ලක්වනු ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon