කුඩු ග්‍රෑම් 14ක් ළඟ තබාගත් කළුබෝවිල සුමනසිරිට මරණ දඬුවම

  👤  2877 readers have read this article !
By mawbima 2018-03-15

කේ.එස්. උදයකුමාර්

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 14.6ක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනාවලට වරදකරු කෙරුණු 57 හැවිරිදි පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් ඊයේ (14දා) මරණීය දණ්ඩනය
පනවන ලදී.

දෙහිවල, කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එම්.ඒ. සුමනසිරි නමැත්තකුට මෙසේ මරණීය දණ්ඩනය නියම විය.
2008 වසරේ ඔක්තෝබර් මස 04 වැනිදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් කළුබෝවිල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 14.6ක් සමඟ මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

ඉන්පසුව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව අධිචෝදනා ගොනුකරන ලදී.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා තීන්දුව දෙමින් කියා සිටියේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවයි. ඒ අනුව විත්තිකරුට මරණීය දණ්ඩනය පනවන බවද විනිසුරුවරයා තීන්දු කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon