ලෝකය වෙනස් කළ මොළය මිය යයි

  👤  2827 readers have read this article !
By mawbima 2018-03-15

කළු කුහර හා සාපේක්ෂතාව පිළිබඳ සොයා ගැනීම් රැසක් කළ ලෝ ප්‍රකට බි්‍රතාන්‍ය විද්‍යාඥවරයෙක් වූ ස්ටීවන් හොකින් (ඉබඥනඩඥද ඩ්චඹඬඪදඨ) අභාවප්‍රාප්ත විය.මියයන විට 76 හැවිරිදි වියේ පසු වූ ඔහු ඊයේ (බදාදා) උදෑසන කේම්බි්‍රජ්හි පිහිටි ඔහුගේ නිවෙසේදී අවසන් හුස්ම හෙලූ බව ඔහුගේ පවුලේ අය සඳහන් කර ඇත.
අසාමාන්‍ය බුද්ධියකින් හෙබි විද්‍යාඥයකු ලෙස ප්‍රසිද්ධියට පත්වූ ස්ටීවන් හොකින්ට වයස අවුරුදු 22දී චාලක ස්නායු පද්ධති රෝගයකට ගොදුරු වීම නිසා එතැන් සිට රෝද පුටුව භාවිත කරන්නට සිදු විය.

ඔහු 'ඒ ඕපඪඥඨ ඩ්ඪඵබධපර ධට බඪථඥ' යන ග්‍රන්ථය ඇතුළු විද්‍යා ග්‍රන්ථ කිහිපයක් ලියා පළ කොට ඇත. ඔහුගේ ජීවිත කතාව ඊඩඥ ඊඩඥධපර ධට ඡ්මඥපරබඩඪදඨ නමින් 2014 දී චිත්‍රපටයකට නැඟිණි. මේ හැරුණු විට ස්ටීවන් හොකින්ගේ චරිතය තවත් රූපවාහිනි සහ චිත්‍රපට කිහිපයක නිරූපණය වී ඇති අතර ඔහුද රූපවාහිනි වැඩසටහන් කිහිපයකට පෙනී සිට ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon