ෆේස්බුක් පාලනයට නීති ගේනවා

  👤  2962 readers have read this article !
By mawbima 2018-03-15

ඉදිරි සති කිහිපයේදී ෆේස්බුක් ඇතුළු සමාජ ජාල පාලනයට අවශ්‍ය නීති සම්පාදනය කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
ඒ තුළින් සමාජ මාධ්‍ය ජාල පාලනයට නීත්‍යනුකූල බලයක් හිමි වන බව පැවැසූ අග්‍රාමාත්‍යවරයා ෆේස්බුක් ඇතුළු සමාජ ජාල සම්බන්ධ තාවකාලික තහනම කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බවද පැවැසීය.

කොළඹ ඉසිපතන විද්‍යාලයේ පිහිනුම් තටාකය විවෘත කිරීමේ උත්සවයට ඊයේ (14දා) සහභාගි වූ අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අගමැතිවරයා සඳහන් කළේ මේ වන විට මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයන් රටේ නීතියට යටත්ව කටයුතු කළත් සමාජ ජාල වෙබ් අඩවි පාලනය කිරීමට නිසි ක්‍රියාමාර්ගයක් නොමැති බවයි.

නමුත් මේ අංශ පිළිබඳව අධීක්ෂණය කරන ක්‍රියාමාර්ගයක් තිබිය යුතුයි. නමුත් බොහෝ රටවල් මූලික අයිතිවාසිකම් පිළිබඳ ප්‍රතිපත්තිවලට අස්සන් තබා තිබෙන නිසා ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් තහවුරු කළ යුතුයි. නමුත් ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් එවැනි කිසිදු ජාත්‍යන්තර සම්මුතියකට යටත්වී නැහැ. ඒ පිළිබඳව ගත යුතු පියවර කුමක්ද යන්න පිළිබඳව ෆේස්බුක්, ගූගල් සමාගම් සමඟ සාකච්ඡා කිරීමටත් මෙවැනි ගැටලු ඇති අපේ කලාපයේ අනෙක් රටවල් සමඟ සාකච්ඡා කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත උපදෙස් ලබාදුන් බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon