බන්දුලට ආචාර්ය උපාධිය පිරිනැමීම හෙට

  👤  3115 readers have read this article !
By mawbima 2018-03-15

හිටපු අධ්‍යාපන අමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතාට චීනයේ බීජිං විදේශ අධ්‍යයන විශ්වවිද්‍යාලය මඟින් ආචාර්ය උපාධිය පිරිනැමීමේ උත්සවය එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජී ආ වෙන් ජිඅෑන් මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (16දා) සිකුරාදා සවස 5ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

චීනය හා ශ්‍රී ලංකාව අතර පැවැති ආර්ථික සහ වාණිජ සබ¼දතා පිළිබඳව බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද පර්යේෂණාත්මක නිබන්ධනය වෙනුවෙන් මෙම ආචාර්ය උපාධිය පිරිනැමේ.

චීනයේ බීජිං විදේශ අධ්‍යයන විශ්ව විද්‍යාලයෙන් 2013 වසරේ පිරිනමන ලද ශිෂ්‍යත්වයක් යටතේ ගුණවර්ධන මහතා මෙම පර්යේෂණ නිබන්ධනය ඉදිරිපත් කර ඇත.
ගුණවර්ධන මහතාගේ පර්යේෂණ ග්‍රන්ථය චීනයේ බීජිං විදේශ අධ්‍යයන විශ්වවිද්‍යාලයේ ප්‍රකාශනයක් ලෙස එම විශ්වවිද්‍යාලය කටයුතු යොදා ඇත.
මේ උත්සවයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරු ඇතුළු ආරාධිත අමුත්තෝ රැසක් සහභාගි වෙති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon