රාජ්‍ය සේවා කැරම් තරගාවලියට හෙටට පෙර ඉල්ලුම් කරන්න

  👤  2731 readers have read this article !
By mawbima 2018-03-15

ගමිත දෙහිපිටිය

රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය මඟින් සංවිධානය කරනු ලබන 2018 රාජ්‍ය සේවා කැරම් තරගාවලිය මෙම මස කොහුවල කැරම් සංගම් මූලස්ථානයේදී පැවැත්වේ.
මෙම තරගාවලිය සඳහා රජයේ දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශවල සේවයේ නියුතු පුද්ගලයන්ට සහ රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන්ට අයැදුම් කළ හැකි අතර එම අයදුම්පත් හෙට (16දා) දිනට පෙර කැරම් ලේකම්, ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය, 2/12,2/16, පොල්හේන්ගොඩ පාර, නාරාහේන්පිට, කොළඹ 5 යන ලිපිනයට යොමු කළ යුතු අතර මේ පිළිබඳ වැඩි විස්තර රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමයේ කැරම් ලේකම් නිශාන්ත ගුණසේකර මහතා (අංක 0714315420, 0112513012) අමතා ලබාගත හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon