ශ්‍රී ලංකා මලල ක්‍රීඩා හා පිහිනුම් කණ්ඩායම් කලින්ම ඕස්ට්‍රේලියාවට

  👤  2874 readers have read this article !
By mawbima 2018-03-15

විචිත්‍ර වීරසිංහ

අප්‍රේල් 4 වැනිදා සිට 15 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් නුවරදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම නේවාසික පුහුණුවීම් හැදෑරීම සඳහා ඊයේ දිනයේදී ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය අතර, ශ්‍රී ලංකා පිහිනුම් කණ්ඩායමද අද දිනයේදී පෙර පුහුණුවීම් සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට නියමිතය.

ඒ අනුව මෙම තරගාවලියට සහභාගි වන 13 දෙනකුගෙන් යුත් මලල ක්‍රීඩා කණ්ඩායමෙන් සම්පත් රණසිංහ (හෙල්ල), ජානක විමලසිරි (දුර පැනීම), දිල්හානි ලේකම්ගේ (හෙල්ල), හිමාෂ ඒෂාන්, විනෝජ් සුරංජය, මොහොමඩ් අෂ්රෆු, ෂෙහාන් අඹේපිටිය, සුමේෂ් වික්‍රමසිංහ (4×100) යන 8 දෙනා ඊයේ ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය අතර, නිමාලි ලියනාරච්චි, ගයන්තිකා අබේරත්න 30 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට නියමිතව තිබේ.

තවද රුමේෂිකා රත්නායක හා මංජුල කුමාර මේ වනවිටත් ඕස්ට්‍රේලියාවේ පුහුණුවක් සඳහා ගොස් ඇති අතර, මේ වනවිට ඇමෙරිකාවේ සිටින හිරුණි විජේරත්න 30 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වෙයි.

මේ අතර අකලංක පීරිස්, විනෝලි කළුආරච්චි, දිල්රුක්‍ෂි පෙරේරා හා කයිල් අබේසිංහ අද ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය කණ්ඩායමට ඇතුළත්ව ඇති අතර, මේ වනවිට ඇමෙරිකාවේ සිටින මැතිව් අබේසිංහ සහ තායිලන්තයේ සිටින චෙරන්ත ද සිල්වා මේ මස 27 වැනිදා ඕස්ට්‍රේලියාවට පැමිණ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට නියමිතව ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon