ලංකාවේ හිටපු පුහුණුකරු ෆාබේ්‍රස් බංග්ලාදේශයට එන්න බැහැ කියයි

  👤  2947 readers have read this article !
By mawbima 2018-03-15

මේ දිනවල පුරප්පාඩු වී පවතින බංග්ලාදේශ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකාර තනතුර භාරගන්නා ලෙස බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් කළ ඉල්ලීම ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් පුහුණුකරුවකු වන පෝල් ෆාබේ්‍රස් ප්‍රතික්ෂේප කර තිබේ.

බංග්ලාදේශ චමේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙහි නියැළුණු චන්දික හතුරුසිංහ ඉන් ඉවත්වීමත් සමඟ මේ වනවිටත් බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර හිස්ව ඇති අතර, ඒ හේතුවෙන් මේ දිනවල පැවැත්වෙන නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙහි තාවකාලිකව වැඩ බැලීම සඳහා කර්ට්නි වොල්ෂ් පත්කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත. කෙසේ වෙතත් මෙයට පෙර ෆාබේ්‍රස් 2013 දෙසැම්බර් සිට 2014 අප්‍රේල් දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරේත්, 2007 වසරේ සිට 2009 වසර දක්වා ශ්‍රී ලංකා සහාය පුහුණුකරු තනතුරේත් නිරත වූ අතර, ඔහු පුහුණුකාරිත්වය හොබවන අවධියේදී ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයේදී පැවැති ආසියානු කුසලානය මෙන්ම විස්සයි-20 ලෝක කුසලානයද දිනාගැනීමට සමත්ව තිබීමද විශේෂත්වයකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon