කැන්රිච් හා සී.ඩී.බී. අවසන් තරගයට

  👤  3051 readers have read this article !
By mawbima 2018-03-15

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරනු ලබන 'බී.එම්.ඩබ්ලිව් - හයිඋන්ඩායි' කුසලාන 'සී' කොටසේ පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගන්නට කැන්රිච් ෆයිනෑන්ස් කණ්ඩායම පසුගියදා සමත් වූ අතර මාර්තු 17 වැනිදා අවසන් මහා තරගයේදී කැන්රිච් ෆයිනෑන්ස් කණ්ඩායම සී.ඩී.බී. කණ්ඩායම සමඟ වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතව ඇත.

කැන්රිච් ෆයිනෑන්ස් කණ්ඩායම හා පෑන් ඒෂියා බැංකු කණ්ඩායම අතර පැවැති අවසන් පූර්ව තරගයේදී පළමුව පන්දුවට පහරදුන් පෑන් ඒෂියා කණ්ඩායම පන්දුවාර 36කදී ලකුණු 100ක් තුළ සියලු දෙනා දැවී ගියේය. කනිෂ්ක ප්‍රශාන් ලකුණු 19ක් හා ගඟුල් රවින ලකුණු 18ක් රැස් කළ අතර පන්දු යැවීමේදී තරුෂාන් ඉද්දමල්ගොඩ කඩුලු 4ක්ද චානක දේවින්ද කඩුලු 3ක්ද බිඳ හෙළීය.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 92ක ඉලක්කයක් හඹාගිය කැන්රිච් ෆයිනෑන්ස් කණ්ඩායම පන්දුවාර 17කදී එක් කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය සපුරාගන්නට සමත් විය. තරුෂාන් ඉද්දමල්ගොඩ නොදැවී ලකුණු 52ක් රැස් කිරීම කැපී පෙනිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon