විජාතික රූකඩ ආණ්ඩුව කලබල අතරේ දේශද්‍රෝහී පනත් සම්මත කරනවා

  👤  2722 readers have read this article !
By mawbima 2018-03-15

විජාතික බලවේගවලත්, බෙදුම්වාදීන්ගෙත් රූකඩයක් වන වත්මන් ආණ්ඩුව කලබල ඇතිවන්නට ඉඩ හරිමින් දේශද්‍රෝහී පනත් සම්මත කරමින් සිටිනවා යැයි ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ප්‍රකාශ කළේය.
ඔහු එම අදහස් පළ කළේ පෙරේදා (13දා) මහජන රාජ්‍ය සභාව සංවිධානය කළ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින්ය. රාජගිරියේදී පැවැති එම මාධ්‍ය හමුවේදී ගුණදාස අමරසේකර මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

''ගෝඨාභය රාජපක්‍ෂ වැනි අයෙක් විදේශ ගත වූ විට මේ රටේ තිබෙන සාක්‍ෂි අරගෙන ඔහුට විරුද්ධව නඩු විභාග කරන්න පුළුවන්. අතුරුදන් කිරීම් වැළැක්වීමේ පනත ගේන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා සංඝයා වහන්සේට පොරොන්දු වුණා. ඒත් ආණ්ඩුව ඉතා හදිසියේ ඒක සම්මත කළා. යුද අපරාධ ගැන කතා කරනවාට වඩා බොහෝම ලේසියෙන් මේ පනත මඟින් රණවිරුවන්ට දඬුවම් දෙන්න පුළුවන්.

මේවා අතට ගෙන ජනතා විරෝධය ඇති කළ යුත්තේ විපක්‍ෂයයි. ඒත් විපක්‍ෂය ඒක කරපු බවක් පෙනෙන්නට නෑ. අඩු ගාණේ එම පනත පුච්චලවත් පාර්ලිමේන්තුවෙන් එළියට ආවේ නෑ. ඒ වගේම ඔවුන් පනත ගැන ජනතාව දැනුවත් කළෙත් නෑ.

සක්‍රිය බැරකම් කළමනාකරණ පනත නමින් තවත් පනතක් ගේන්න ආණ්ඩුව කටයුතු කරනවා. මහ බැංකුවට හොරා මුදල් ණයට ගැනීම එහි අරමුණයි. අලුතින් මහාධිකරණ තුනක් පිහිටුවන්නත් පනතක් ගේනවා. මුස්ලිම් - සිංහල කෝලාහලය මේ විජාතික ආණ්ඩුව ආශීර්වාදයක් කරගෙන තිබෙනවා.
පසුගිය 2016දී ඇමෙරිකාවත්, ශ්‍රී ලංකාවත්, දෙමළ සන්ධානයත් එකතු වෙලා ඇමෙරිකාවේදී කළ සාකච්ඡාවකදී මේ රටේ හයිබි්‍රඩ් උසාවියක් ඇති කරන්න එකඟ වූ බව යළිත් වරක් එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රිවරයා ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක සභාවක් නිසා ව්‍යවස්ථාව ගෙන ඒමේ කටයුතු ඉක්මන් කළ හැකි බව ආර්. සම්පන්දන් මහත්තයා පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකා නියෝජිත පිරිසට කිව්වා. මේ තත්ත්වය තේරුම් ගෙන මේ කමිටුවලින් ඉවත් වෙන්න ඒකාබද්ධ විපක්‍ෂය කටයුතු කළ යුතුයි''.

මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි,
අතුරුදන් කිරීමේ භයානක පනත අහෝසි කළ යුතුයි. මේ පනත අවලංගු කිරීමේ පනතක් පාර්ලිමේන්තුවට ගෙනැවිත් එය කළ හැකියි.
ජේ‍යෂ්ඨ නීතිඥ කල්‍යාණන්ද තිරාණගම
මහනුවර ඇති වූ ගැටුම් ආණ්ඩුව සංවිධානය කළාද කියන සාධාරණ සැකය මතු වෙනවා.

මහජන මතය යටපත් කිරීමට සමාජ මාධ්‍ය තහනම් කළා. මේ අතර ආණ්ඩුව රට පාවාදීමේ කටයුතු ලහි ලහියේ ක්‍රියාත්මක කරනවා. බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් වැළැක්වීමේ ප්‍රඥප්ති පනත ආදී පනත් සම්මත කර ගත්තා. ජනාධිපතිතුමා මොනවා කිව්වත් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව ශ්‍රී ලංකා රජයටත්, මහජනතාවටත් එරෙහිව කළ හැකි සියලු ද්‍රෝහිකම් කරනවා. ඒකාබද්ධ විපක්‍ෂයත් මේවට සෘජු ලෙස විරුද්ධ වුණේ නෑ. ඔවුන් මීට වඩා එඩිතර විය යුතුයි.

දෙනගම ධම්මික රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon