බහුතරයේ පීඩාවට සුළුතරය නිරතුරුව ලක්වුවද මුස්ලිම් හෝ දෙමළ බහුතරය සිටින තැන්වලදී සිංහල ජනතාව ආරක්ෂා කළ යුතුයි

  👤  2813 readers have read this article !
By mawbima 2018-03-15

සුළුතර ජනතාවට බහුතරයේ පීඩාවන්ට අනාගතයේදීත් විඳීමට සිදුවන නමුත් දෙමළ මුස්ලිම් හා වතුකර දෙමළ ජනතාව බහුතරයක් ලෙස ජීවත්වන ප්‍රදේශවල සිටින සිංහල ජනතාව පීඩාවට පත් නොකොට ඔවුන් ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බව උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දිනවල අම්පාර හා දිගන ප්‍රදේශවල ඇතිවූ කලහකාරී සිදුවීම් පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ විග්නේශ්වරන් මහතා මෙසේද කීය.

නීතිය හා යුක්තිය ඉටුකිරීමේදී කිසිවිටෙකත් තම හිතවත්කම් සලකා නොබැලිය යුතුයි. පසුගියදා මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ඇතිවූ සිද්ධීන් ශ්‍රී ලංකාවට අලුත් සිදුවීම් නොවෙයි. මෙම සිදුවීම මහ ජාතිය විසින් සුළු ජාතිය වෙත සිදු කරනු ලැබූ ප්‍රචණ්ඩත්වයක් ලෙස බහුතරය මෙම සිදුවීම දුටුවත් මම එහි වෙනත් පැත්තක්ද දකිනවා.
ජාතිය, කුලය, ආගම යන පදනමින් සමාජය දෙස බැලිය යුතු නැහැ. තරුණයන් කණ්ඩායමක් විසින් තවත් තරුණයකුට පහරදීම නිසා ඝාතනයක් සිදුවූ බව පසුගියදා දිගන තෙල්දෙණිය ප්‍රදේශයේ ඇතිවූ සිදුවීමෙන් පෙනී යනවා. එම අවස්ථාවේදීම පොලිසිය විසින් අවශ්‍ය පියවර ගත යුතුව තිබුණා. නමුත් සිදුවූයේ ඝාතනයට ලක්වූ තරුණයා සිංහල වූ නිසාත් පහරදුන් තරුණයන් මුස්ලිම් වූ නිසාත් එය ජාතීන් දෙකක් අතර වූ ගැටුමක් ලෙසට හුවා දක්වමින් ගැටුම ජාතිවාදී ගැටුමක් බවට පරිවර්තනය වීමයි.
පාබල හමුදාව වේවා නාවික හමුදාව වේවා ගුවන් හමුදාව වේවා එම හමුදාවන්හි කවර සාමාජිකයකු යම් වරදක් සිදු කරනු ලැබුවා නම් ඒවා සොයා බලා දඬුවම් ලබාදිය යුත්තේ ඔවුන්මයි. නමුත් එවැන්නක් සිදු වූයේ නැහැ. ඊට හේතුව දේශපාලන මැදිහත්වීමයි. එහෙත් අද සිදු වන්නේ කුමක්ද නීතියත් සාමයත් විනයත් රැකිය යුතු ජනාධිපතිවරයාම තමන්ගේ ජාතිය සංකේතවත් කරමින් තමන් කිසිවකුටත් දඬුවම් කිරීමට ඉඩ නොතබන බව පවසා තිබෙනවා පවසමින් සිටිනවා.

එසේ නම් වරද වටහා ගත්තවුන් කවරක් සිතයිද තමන් කවර වරදක් සිදු කළත් ජනාධිතිවරයාත් ආණ්ඩුවත් තමන් රකිනු ඇති බව ඔවුන් සිතනු ඇති. ඒ හේතුවෙන් ඔවුන් තවදුරටත් මානව හිමිකම් කඩ කිරීමට පෙලඹෙනු ඇති. මෙම අවස්ථාවේ පොලිසිය කවරක් සිතන්නේද අප දේශපාලනඥයන් පවසන ආකාරයට කටයුතු කරනු ලැබුවොත් සිය වෘත්තීයමය ජීවිතයේදීත් පෞද්ගලික ජීවිතයෙත් ලාබ ප්‍රයෝජන ලබාගත හැකියි.

1983 වසරේදී බොරැල්ලේදීත් කතා කරනු ලැබුවේ දේශපාලනයයි. ඔවුන් සිදුවීම් දන්නා නොදන්නා සේ හැසිරුණා. අද මුස්ලිම් ජනතාව එරෙහි ප්‍රචණ්ඩත්වයන් සිදුවීමට බලපෑ ඇති ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා. පළමු කාරණය වන්නේ මුස්ලිම් සහෝදරයන් අද ශ්‍රී ලංකාවේ ආර්ථිකමය වශයෙන් විශාල ප්‍රගතියක් අත්කර ගනිමින් සිටිනවා. එය අඛණ්ඩව සිදුවීම වැළැක්වීම. එවක දෙමළ ජාතිකයන් මෙරට රාජ්‍ය සේවයේ බහුතරයක් සිටියා එය නතර කළ යුතු බවට සිතුවා. අද මුස්ලිම්වරුන්ගේ ආර්ථිකය විනාශ කිරීමට පළමුව කළේ කඩසාප්පු ගිනිබත් කිරීමයි. දෙවැනි කාරණය වන්නේ මුස්ලිම් ජනතාවගේ ජනගහනය වර්ධනය වීමේ ප්‍රතිශතයයි.

ප්‍රචණ්ඩක්‍රියා ඇතිවීමට එකම හේතුව දේශපාලනඥයන් හා දේශපාලකයන් බව මම අවධාරණය කරන්නට කැමැතියි. අතීතයේ දෙමළ ජනතාවට එරෙහිව සිදුවූ ප්‍රචණ්ඩක්‍රියා මුස්ලිම් ජනතාවට එරෙහිවත් නැවත නැවත් ඇතිවීමේ අවදානමක් තිබෙනවා. නැවත මෙම සිද්ධි ඇති වුණොත් ජීවිත රැසක් අහිමිවීමේ අවදානමක් තිබෙනවා.
ලක්ෂ්මී ජයකොඩි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon