පුපුරන ද්‍රව්‍ය සමඟ අයෙක් මොරවකදී මාට්ටු

  👤  2939 readers have read this article !
By mawbima 2018-03-15

දෙනියාය - ප්‍රියංක ගමගේ

ඊයේ (14දා) අලුයම 5.20ට පමණ මොරවක, වැලිව ප්‍රදේශයේ ක්‍ෂණික මාර්ග බාධකයකදී ත්‍රිරෝද රථයක තිබී පුපුරන ද්‍රව්‍ය සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මොරවක පොලිසිය පවසයි.
පසුගිය දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ සිදුවීම් සැලකිල්ලට ගෙන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝගයකට අනුව ප්‍රදේශවල විවිධ ස්ථානවල ක්‍ෂණික මාර්ග බාධක යොදා වැටලීම් සිදුකිරීමට උපදෙස් පොලිස් ස්ථානවලට ලබාදී ඇත.

එලෙස මොරවක, වැලිව ප්‍රදේශයේ යොදා තිබූ මාර්ග බාධකයේ සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් සැක කටයුතු ලෙස පැමිණි ත්‍රිරෝද රථයක් පරීක්‍ෂා කිරීමේදී එහි තිබී ඩෙටනේටර් 20ක්, අඩි 19ක් දිගැති ඩෙටනේටර් කෝඩ් (සේවා නූල්) රෝල් 19ක්, ඇමෝනියා 26.5ඬඨ අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට පත්වූයේ මොරවක, අළුවන ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

සැකකරුගෙන් මේ වන විට පොලිස් නිලධාරීන් ප්‍රශ්න කරන අතර ඔහු විසින් වැඩබිමකින් මේවා සොරකම් කොට අලෙවි කිරීමට සූදානම් වී ඇති බව පොලිසිය අනුමාන කරයි.

සැකකරු ඊයේ (14දා) මොරවක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
වැටලීම සඳහා මාතර පොලිස් අධිකාරි ජී.එච්. මාරපන මහතාගේ අධීක්‍ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි රොහාන් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් මොරවක පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප්‍රභාත් දේශබන්ධු මහතාගේ මඟපෙන්වීම යටතේ උ.පො.ප. ගයාන් බුද්ධික, පො.සැ. රත්නවීර (22754), පො.ැස. සුගතදාස (19756) පො.කො. ජයතුංග (69714) යන නිලධාරීහු වැටලීම සඳහා සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon