ඉලංකෙයි තමිල් අරසු කච්චි නිල පුවත්පත ‘පුදිය සුදන්දිරන්’ වසර 35කට පසු යළි එළිදකී

  👤  2695 readers have read this article !
By mawbima 2018-03-15

ත්‍රිකුණාමලය - ලක්මාල් කේ. බදුගේ

වසර 35කට පසුව යළි ආරම්භ කළ ඉලංකෙයි තමිල් අරසු කච්චි නිල පුවත්පත වන 'පුදිය සුදන්දිරන්' පුවත්පත එළිදැක්වීම පාර්ලිමේන්තු මන්ත්‍රි තුරෙයිරාජසිංහම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14දා) පෙරවරුවේ ත්‍රිකුණාමලයේදී සිදු කෙරිණි.

ත්‍රිකුණාමලය පවර් හවුස් පාරේ පිහිටි දෙමළ ජාතික සන්ධාන පක්‍ෂ කාර්යාලයේදී පුවත්පත එළි දක්වනු ලැබූ අතර එහි පළමු පිටපත පාර්ලිමේන්තු මන්ත්‍රි තුරෙයිරාජසිංහම් මහතා වෙත පිරිනැමීමට පක්‍ෂයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවිධායක හා නැඟෙනහිර පළාත් සභාවේ හිටපු අධ්‍යාපන ඇමැති තණ්ඩායුධපානි මහතා විසින් කටයුතු කරනු ලැබීය.
1949 වසරේ ඉලංකෙයි තමිල් අරසු කච්චි ආරම්භ කිරීමෙන් පසුව1960 වසරේදී පක්‍ෂයේ මතවාද ජනයා අතරට ගෙන යෑම සඳහා 'සුදන්දිරන්' නමැති පුවත්පත ආරම්භ කළ බවත් 1983 වසරේ හටගත් කළු ජූලිය හේතුවෙන් යාපනයේ පිහිටි පුවත් කාර්යාලය විනාශවීමත් සමඟ පුවත්පත මුද්‍රණය නැවතී ගිය බවත්, වසර 35කට පසුව පුදිය සුදන්දිරන් ලෙස යළිත් පක්‍ෂයේ පුවත්පත එළි දක්වන්නට ලැබීම සතුටට කරුණක් වන බව පුවත්පත ජනගත කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි තුරෙයිරාජසිංහම් මහතා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon