‘මව්බිම’ පුවත පළ වී සතියකින් යහපත් ප්‍රතිචාර ලැබුණා : ගලෙන්බිඳුණුවැව සිරිසේන පවසයි

  👤  2830 readers have read this article !
By mawbima 2018-03-15

මැදවච්චිය - ගයාන්

2018.03.07 වැනි දින 'මව්බිම' පුවත්පතේ 'පියාට හිටිහැටියේ ඇවිදින්න බැරි වෙලා, මවත් අසනීපෙන්. රෝද පුටුවක් ලබා දෙන්නැයි පියා ඉල්ලයි' යන පුවත පළවී සතියක් ගතවීමටත් පෙර යහපත් ප්‍රතිචාර ලැබුණු බව මැදවච්චිය නගරයේ, ගලෙන්බිදුණුවැව, ඇටවීර ගොල්ලෑවේ පදිංචි 49 හැවිරිදි එස්. සිරිසේන මහතා 'මව්බිම'ට පැවැසීය.

දෙස් විදෙස් ජනයාගේ දුරකතන ඇමතුම් විශාල ප්‍රමාණයක් පුවත පළවී පැය 24ට පෙර සිට ලැබුණු බවත් මේ වන විට පුවතේ සඳහන් කර තිබූ ගිණුම් අංකයට රෝද පුටුවක් ලබා ගැනීමට අවශ්‍ය මුදල් ධානපතියන්ගෙන් බැරවී ඇති බවත් සිරිසේන මහතා සතුටු කඳුළු මැද අප 'මව්බිම' වාර්තාකරුට ඊයේ (14දා) පැවැසීය.
එස්. සිරිසේන මහතා තමා ලැබූ සතුට වචනවලින් 'මව්බිම'ට මෙසේ පැවැසීය.

මම මුලින්ම ස්තූතිවන්ත වෙනවා. පින් දෙනවා, 'මව්බිම' පුවත්පතට සහ එහි කාර්ය මණ්ඩලයටත් අප ප්‍රදේශයේ සිටින 'මව්බිම' පුවත්පතේ ප්‍රාදේශීය වාර්තාකරු වන ගයාන් මහත්තයටත් ඒ වගේම මාව 'මව්බිම' පුවත්පතට යොමු කළ රාජු මල්ලිටත්, මගේ දුක මම 'මව්බිම' පුවත් පතට කිව්වා. කියන්න සතුටුයි. පුවත පළවෙලා පැය 24ක් යන්නට මත්තෙන් අපේ මිනිස්කම දන්න ධානපතියන් විශාල පිරිසක් මගේ දුරකතනයට කතා කළා.

තවත් අය මේ වන විටත් කතා කරනවා. මට කැනඩාවෙ, සෞදි අරාබියේ සේවය කරන ලාංකිකයන් පවා කතා කළා. මේ වන විට මගේ ගිණුමට මුදලුත් එවලා තියෙනවා ඒ අය. මම ඒ අය හැමෝටමත් පින් දෙනවා. ස්තූතිවන්ත වෙනවා. මට නැවත මගේ පවුලට ශක්තියක් වෙන්න අවස්ථාව උදා කරලා දුන්නට ඔයාලා හැමෝටම උතුම් ශ්‍රී මහා බෝ සමිඳුගේ පිහිටයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon