නාහිමිවරුන්ගේ අනුශාසනා ආණ්ඩුව ලබා ගත්තා නම් මහනුවර සිද්ධිය ඇති නොවීමට තිබුණා

  👤  2879 readers have read this article !
By mawbima 2018-03-15

එන්.ජී.ඕ. න්‍යාය පත්‍රයෙන් මිදී නිරන්තරයෙන් ආණ්ඩුව විසින් මහ නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු මහ සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබාගත්තේ නම් පසුගියදා මහනුවර කේන්ද්‍රකොට ගනිමින් සිදු වූ අවාසනාවන්ත සිදුවීම් කිසිසේත් සිදු නොවන්නට ඉඩ තිබූ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පැවැසීය.
ඒ මහතා ඒ බැව් පැවැසුවේ කුලියාපිටිය තල්ගහපොත්ත ශ්‍රී පවරගිරි පුරාණ විහාරාධිපති කැකුණාවල වනරතන හිමිපාණන් වහන්සේට වයඹ පළාත් උප ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳව සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට එක්වෙමිනි.

තමන් රාජකාරි කළ අවස්ථාවේදී මෙවැනි තත්ත්වයන් පිළිබඳව දැනගත් වහාම සිදුකළේ මහ නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළත් මහ සංඝරත්නය වැඩමවා සාකච්ඡා කොට අවවාද අනුශාසනා ලබාගෙන ඒ අනුව කටයුතු කළ බව යැයිද ඒ මහතා කියා සිටියේය.
ඒ මහතා මෙසේද කීය.

බුදුදහමට ප්‍රමුඛත්වයක් දීමේ ව්‍යවස්ථාවේ සඳහන් වගන්තිය පොතට පමණක් අද වන විට සීමා කරලා. රටේ ආගම, සංස්කෘතිය, සභ්‍යත්වය සතයකට හෝ මායිම් නොකර එන්.ජී.ඕ. න්‍යායපත්‍රයකට අනුව සිදුකිරීම කනගාටුදායකයි.
උතුම් මානුෂීය ගුණාංග මනින සාහිත්‍යයේ දක්වා ඇති ධීර වීර ශූර සාර යන ගුණාංග හිටපු ආරක්ෂක ලේකම්වරයාට අංගසම්පූර්ණව පිහිටා තිබෙන බව එහිදී අදහස් දැක්වූ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමියෝද පැවැසීය. හිමියෝ මෙසේද කීහ.
මෙවන් තර්ජන එල්ලවෙමින් පවතින යුගයක යුද සාහිත්‍යයක් අවශ්‍යයි.

ඉන් යථාර්ථ ක්‍රමවේද හා න්‍යායන් මහජන ආකල්ප පසෙකලා ජාත්‍යන්තර අවශ්‍යතා වෙනුවෙන් කටයුතු නොකොට යුද සාහිත්‍යයක් ලියා තැබිය යුතුයි.
එහිදී අනුශාසනා කළ අභිනව වයඹ පළාත් උප ප්‍රධාන සංඝනායක කැකුණාවල වනරතන හිමියෝ, මගෙන් ලොව සිටින ප්‍රමුඛ බුද්ධි නිලධාරියා කවුරුන්ද යන ප්‍රශ්නය ඇසුවහොත් ලංකාවේ ගෝඨාභය කියා පිළිතුරු දීමට දෙවරක් සිතන්නේ නැහැ. තවද මුළු ලොවක් බයෙන් බිරන්තට්ටු කරගෙන සිටි ප්‍රභාකරන්ගෙන් අපේ රට එක්සේසත් කරගන්නට හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ බුද්ධි බල මහිමය නොවන්නට හැකි වන්නේ නැහැ.

ගිරිඋල්ල - ඔවින් කෞශල්‍ය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon