ජපාන - ශ්‍රී ලංකා ආයෝජන සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

  👤  2979 readers have read this article !
By mawbima 2018-03-15

ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන සහ වෙළෙඳ අවස්ථා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් ආයෝජන සමුළුවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 13දා දහවල් ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී පැවැත්විණි.
ක්‍ෂේත්‍ර රැසක නව ආයෝජන සඳහා ඉඩ ප්‍රස්ථා රැසක් අද ශ්‍රී ලංකාව තුළ පවතින බවත් ඒ සඳහා තමන් ජපාන ආයෝජකයන්ට ආරාධනා කරන බවත් ජනාධිපතිතුමා එහිදී පැවැසීය.

ජපාන පාර්ලිමේන්තු, ආර්ථික, වෙළෙඳ හා කර්මාන්ත උප අමාත්‍ය මසකි ඔගුෂි මහතාද මෙම හමුවට එක්ව සිටියේය.
ඉන් අනතුරුව ජපාන විදේශ වෙළෙඳ සංවිධානයේ (බ්ඡ්ඊඅර්ණී) සභාපති හිරෝකි ඉෂිගේ (ඩ්ඪපධරභඬඪ ධ්ඵඩඪඨඥ) මහතාද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හමුවිය.

ජපාන වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන සේවාවන් සපයන ප්‍රමුඛ රාජ්‍ය ආයතනයක් වන ජෙට්රෝ ආයතනයේ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරිත්වය පිළිබඳව කරුණු දැක්වූ සභාපතිවරයා, එම කටයුතු ඉදිරියේදී තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.

අනතුරුව ජනාධිපතිතුමාට හමුවූයේ ජයිකා ආයතනයේ සභාපති ෂිනිචි කිතඕකා (ර්ප. ඉඩඪදඪජඩඪ ම්ඪබචධඬච) මහතායි.
ජයිකා ආයතනයේ සහයෝගයෙන් දැනට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක සෙසු සංවර්ධන ව්‍යාපෘතිවල ක්‍රියාකාරිත්වය සහ ප්‍රගතිය පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක්විය.
ඒ පිළිබඳ අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ සෑම අවස්ථාවකම දේශීය ව්‍යාපාරවලට මුල්තැන දෙමින්, විදේශීය ආයෝජන ක්‍රියාත්මක කිරීම තම රජයේ ප්‍රතිපත්තිය බවයි. රටක් ලෙස රටේ ජනතාව දිරිමත් කළ හැකි හා ඔවුන්ට ස්වෝත්සාහයෙන් නැඟී සිටිය හැකි ව්‍යාපෘතිවලට සහාය වන ලෙස මෙහිදී ජයිකා ආයතනයේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කළ ජනාධිපතිතුමා අද ශ්‍රී ලංකාවට වඩා වැදගත් වන්නේ පොදු ජනතාවගේ ආර්ථිකය නඟාසිටුවීමට අවශ්‍ය කුඩා සහ මධ්‍යම පරිමාණ සංවර්ධන ව්‍යාපෘති බවද කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සහාය වීමටද මෙහිදී සභාපතිවරයා කැමැත්ත පළ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon