ජනපති ටෝකියෝ නුවර අපද්‍රව්‍ය කළමනාකරණ නව මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

  👤  2809 readers have read this article !
By mawbima 2018-03-15

ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා 14දා ටෝකියෝ නුවර ෂිනගාවාහි පිහිටි නවීන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මිලියන 9.3ක් වන ටෝකියෝ නුවර වෙසෙන ජනතාව විසින් දෛනිකව බැහැර කරනු ලබන මෙටි්‍රක් ටොන් 11,000ක් පමණ වන කැළිකසළ කළමනාකරණය සඳහා මෙවැනි මධ්‍යස්ථාන 23ක් පවත්වාගෙන යනු ලබයි.
ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්වූ ෂිනගාවාහි පිහිටි අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේදී අපද්‍රව්‍ය මෙටි්‍රක් ටොන් 600ක් පමණ දෛනිකව කළමනාකරණය කෙරේ.

නවීන තාක්ෂණය උපයෝගි කර ගනිමින්, ඉතා පරිසර හිතකාමී අන්දමින් මෙහි කටයුතු සිදු කෙරෙන අතර එම කටයුතු ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.
කසළ කළමනාකරණ ක්‍රියාවලියේ අතුරු ඵලයක් ලෙස ජනනය වන තාප ශක්තිය විදුලි බලය බවට පත්කර, එම විදුලිය අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ භාවිතයට ගැනීමෙන් අනතුරුව ඉතිරිවන ප්‍රමාණය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමද මෙහි විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ කැළිකසළ ගැටලුව විසඳීම සඳහාද මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳ සොයා බලන බවත් ඒ සඳහා ජපාන රජයේ සහයෝගය ලබාගැනීමේ හැකියාව සොයා බලන බවත් ජනාධිපතිතුමා මෙහිදී පැවැසීය.

අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානීන් විසින් මෙම මධ්‍යස්ථානයේ කටයුතු පිළිබඳ ජනාධිපතිතුමා ඇතුළු පිරිස වෙත පැහැදිලි කිරීමක් සිදු කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon