ත්‍රිවිධ හමුදාව කරන සේවය එක් රාමුවකට කොටු කළ නොහැකියි

  👤  3717 readers have read this article !
By mawbima 2017-07-17

17-07-2017 MAWBIMA (16).jpg (600×350)

මහනුවර - ගයා ශ්‍රී කාරියවසම්
නදීක දයා බණ්ඩාර

රටේ ජාතික ආරක්ෂාව පැවැති තත්ත්වයටත් වඩා හොඳින් තහවුරු කර ත්‍රිවිධ හමුදාවත් සිවිල් ආරක්ෂක බළකායත් ඇතුළු රණවිරුවන්ගේ ගරුත්වය සහ අභිමානය ආරක්ෂා කරන බව ආරක්ෂක ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා පැවැසීය.

ආරක්ෂක ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා පෙරේදා (15දා) ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා වහන්සේ වැඳ පුදාගෙන මල්වතු අස්ගිරි සහ රාමඤ්ඤ නිකායේ මහ නාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් විශාල කාර්යභාරයක් සිදු කරන බවත් ත්‍රිවිධ හමුදාව කරන සේවය එක් රාමුවකට කොටු කළ නොහැකි බවත්ය. රට ආරක්ෂා කරනවා මෙන්ම රට තුළ ආපදා අවස්ථාවන්වලදී ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බළකාය විවිධ ක්‍රියාකාරකම් සිදුකරන බව රටේ ජාතික ආරක්ෂාව සම්පූර්ණයෙන් තහවුරු කර තිබෙන බව වගකීමෙන් සඳහන් කරන බවත් කීය.

මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කර ත්‍රිවිධ හමුදාවත් සිවිල් ආරක්ෂක බළකායත් ඇතුළු රණවිරුවන්ගේ ගරුත්වය සහ අභිමානය ආරක්ෂා කරන අතර එය දියාරු වීමට කිසිසේත් ඉඩ නොතබන බවද ලේකම්වරයා පැවැසීය. ඒ ගරුත්වය තව තවත් වැඩි කරනවා මිස අඩු කිරීමට කටයුතු නොකරන බවත් ඇතැම් හමුදා නිලධාරීන් පිළිබඳව අවශ්‍ය අපරාධ පරීක්ෂණ සිදුකෙරීගෙන යන බව තමා තහවුරු කරන බවද කීය. ඒ හැර කිසිදු අනවශ්‍ය අත්අඩංගුවට ගැනීමක් සිදු නොවන බවත් දැනට කර ඇති අත්අඩංගුවට ගැනීම් අධිකරණ කටයුතුවලින් විසඳෙනවා ඇතැයිද ආරක්ෂක ලේකම්වරයා කීය. මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම සියලු දෙනා එක්ව මැඬපැවැත්විය යුතු බවත් පොලිසිය රට තුළ විශාල වශයෙන් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් සිදුකරන නිසා පොලිසියට ‍ෙදාස් කීම වැරැදි සහගත බවද ඔහු පෙන්වා දුන්නේය. ඉදිරියේදී රණවිරුවන්ට කිසිදු බියක් සැකයක් නොමැතිව ජීවත් වියහැකි පරිසරයක් ඇතිකර තිබෙන බවද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon