ෆේස්බුක් ඇතුළු සමාජ ජාල තහනම් කරන්න ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවක් නෑ

  👤  2901 readers have read this article !
By mawbima 2018-03-15

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

ෆේස්බුක් ඇතුළු සමාජ ජාල සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවක් නැතැයි ශ්‍රී ලනිප මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

මේ වන විට තාවකාලිකව තහනම් කර තිබෙන ෆේස්බුක් තහනම සම්බන්ධව 'මව්බිම'ට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
පසුගියදා ඇතිවූ කලහකාරී තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් මේ තහනම තාවකාලිකව ක්‍රියාත්මක කළද
රජය බලාපොරොත්තු වූ ආකාරයේ පාලනය කිරීමක් මේ මඟින් සිදු නොවූ බව සඳහන් කළ අමාත්‍යවරයා ඍර්ථීව් නව තාක්‍ෂණය භාවිත කරමින් ජනතාව මේ වන විටත් ෆේස්බුක් ඇතුළු සමාජ ජාල පරිශීලනය කරන බව පෙන්වා දුන්නේය.

ෆේස්බුක් ඇතුළු සමාජජාල යහපතට සහ අයහපතට යන දෙපැත්තටම භාවිත කිරීමේ ඉඩකඩක් පවතින බැවින් ඒ පිළිබඳව ආණ්ඩුවේ විශේෂ අවධානය යොමුවිය යුතු බව පැවැසූ හෙතෙම මෙරට සමාජයේ සමාජ ජාලා භාවිතයෙන් විශාල ලෙස සමාජ අපගමනයන් සිදුව තිබෙන බවත් එහෙයින් මින් ඉදිරියට එම තත්ත්වයන් පාලනය කරමින් මෙය භාවිත කිරීමට ඉඩ සලස්වාලීම ආණ්ඩුව සතු වගකීමක් වන බවත් අවධාරණය කෙළේය. එහෙයින් මේ අවස්ථාව ඊට හොඳ අවස්ථාවක් බැව් පෙන්වා දුන් හෙතෙම ඒ සඳහා අවශ්‍ය ආරක්‍ෂක ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව මෙම තාවකාලික තහනම ඉවත් කරනු ඇතැයි වැඩිදුරටත් සඳහන් කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon