විවිධ රසායනික ද්‍රව්‍යවල බලපෑම් නිසා යාපනයේ 'ඇටි කුකුළා' වඳ වෙලා

  👤  2999 readers have read this article !
By mawbima 2018-03-15

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

යාපනයේ ගොවීන් විසින් සිය කෘෂිකාර්මික කටයුතු සඳහා යොදනු ලබන විවිධ රසායනික ද්‍රව්‍යවල බලපෑම හේතුවෙන් යාපනයේ පරිසරයට ආවේණික වූ 'ඇටි කුකුළා' පරිසරයෙන් වඳ වී ගොස් ඇතැයි යාපනය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ කථිකාචාර්ය පී. සර්වානන්දන් මහතා පැවැසීය.
සර්වානන්දන් මහතා මේ බව පවසා ඇත්තේ යාපනය තින්නවේලි ප්‍රදේශයේ කනිටු විදුහලක කුඩා ළමයින් පිරිසක් යාපනය විශ්වවිද්‍යාලය නැරැඹීමට ගිය අවස්ථාවේදී විවිධ සතුන් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන ලද අවස්ථාවේදීය.

තවදුරටත් අදහස් දැක්වූ ඔහු පවසන්නේ ගොවියන් විසින් පණු වර්ග විනාශ කිරීමට යොදනු ලබන කෘෂි රසායන ද්‍රව්‍ය හේතුවෙන් මියයන පණුවන් ඇටි කුකුළන් විසින් ආහාරයට ගැනීම නිසා ඇටි කුකුළන් මියයන බවයි.
සාමාන්‍යයෙන් ඇටි කුකුළු කූඩුවක එක් වරකට ඇත්තේ බිත්තර දෙකක් පමණක් නිසා ඇටි කුකුළන් බෝවීමේ දැඩි ප්‍රමාදයක් පවතින බවද සර්වානන්දන් මහතා පෙන්වා දෙයි.

ඇටි කුකුළන් බෝවීමේ ශීඝ්‍රතාවට වඩා විනාශවීමේ ශීඝ්‍රතාව වැඩිවූ හෙයින් යාපනයේ පරිසරයෙන් ඇටි කුකුළා සදහටම සමුගෙන ඇති බව පෙන්වා දෙන ඔහු, අලුයම් කාලයේදී මුලින්ම හඬලන පක්‍ෂියා ඇටි කුකුළා බව කුඩා ළමයින්ට කියා දුන්නද සර්වානන්දන් මහතාට ඇටි කුකුළකු ළමයින්ට පෙන්වා දීමට සිදු වූයේ ඡායාරූපයකිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon