ජනපති මෛත්‍රි ජපන් අගමැති හමුවෙයි

  👤  3512 readers have read this article !
By mawbima 2018-03-14

ජපානය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් පුරා පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ජපන් රාජ්‍යයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජපන් අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා හමුවීමට නියමිතය.
ශ්‍රී ලංකා ජනාධිපති හා ජපන් අග්‍රාමාත්‍යවරයාගේ එම නිල හමුවීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එම මහත්මිය ඇතුළු පිරිස වෙනුවෙන් රාජ්‍ය භෝජන සංග්‍රහයක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සෞඛ්‍ය හා වෛද්‍ය සේවාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය හා ජපන් අන්තර්ජාතික සහයෝගිතා නියෝජිත ආයතනය (ජයිකා) අතර ණය ගිවිසුමක් අස්සන් කිරීම ද මෙම සංචාරය අතරතුරදී සිදු වීමට නියමිතය.
එමෙන්ම ජපන් විදේශ වෙළෙඳ සංවිධානය විසින් සංවිධානය කරනු ලබන ජපන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සහ තෝකියෝ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සම සත්කාරකත්වය දරන ව්‍යාපාරික රැස්වීමක් සඳහා ද ජනාධිපතිවරයා සහභාගි වීමට නියමිතව ඇත.

මේ අතර ලබන 17දා තෙක් ජපානයේ රැඳී සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජපානයේ ශ්‍රී ලාංකික පුරවැසියන්ද හමුවීමට කටයුතු යොදා ඇතැයි දැනගන්නට තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon