භික්ෂුන් වහන්සේටත් ජීවිත රක්ෂණ ක්‍රමයක්

  👤  3733 readers have read this article !
By mawbima 2018-03-14

ත්‍යාගා ශ්‍රීමාලි බණ්ඩාර

භික්ෂුන් වහන්සේ වෙනුවෙන් ජීවිත රක්‍ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගන්නා බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම මහතා සඳහන් කරයි.
මේ සඳහා සුදුසු රක්‍ෂණ ක්‍රමය කුමක්ද යන්න පිළිබඳව තීරණය කර ඒ ස¼දහා රක්‍ෂණ සමාගම් සම්බන්ධ කරගෙන මෙය කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස බෞද්ධ කටයුතු කොමාසාරිස්වරයාට සහ අමාත්‍යාංශ ලේකම් වෙත තමන් විසින් උපදෙස් ලබාදුන් බවද හෙතෙම පවසයි.

මේ මස 26 වැනි දින භික්ෂුන් වහන්සේ සමඟ පැවැත්වීමට නියමිත විශේෂ හමුවේදී මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පැවැසූ අමාත්‍යවරයා ඉදිරියේදී වයෝවෘද්ධ භාවයෙන් සහ රෝගාතුරව සිටින භික්ෂුන් වහන්සේ වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් වෙන වෙනම නේවාසික ස්ථාන පිහිටුවීමටද පියවර ගන්නා බවද ස¼දහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවැසුවේ මියන්මාරයේදී අපවත්වූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි ලෝක තරුණ භික්ෂු සංගමයේ මෙරට මධ්‍යම පළාත් සභාපති නුවරඑළියේ ශාන්තිපුර චේතියගිරි විහාරස්ථානාධිපති පූජ්‍ය මොරපේ කුසලඥාන ස්වාමින් වහන්සේට ගෞරව දැක්වීමේ අවස්ථාවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

කුසලඥාන හිමියෝ මියන්මාරයේ විදෙස් සංචාරකයක නිරතවී සිටියදී පසුගියදා (08දා) අපවත් වූහ
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ "මින් ඉදිරියට ස්වාමින් වහන්සේ විදෙස් ගත වනවා නම් උන්වහන්සේට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දිය යුතු බවයි. ඒ සඳහා විශාල මුදලක් වැය නොවන බවත් එවැනි ක්‍රමයක් ඇති කළා නම් ස්වාමින් වහන්සේට මුහුණ පෑමට සිදුවන ගැටලු රාශියකට විසඳුම් ලබාගැනීමටද හැකියාව ලැබෙන බවත් පැවැසීිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon