ඩී.කේ.පී. දසනායක 19දා තෙක් රිමාන්ඩ්

  👤  3642 readers have read this article !
By mawbima 2017-07-17

අමිල අබේරත්න

පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන ගොස් රඳවා තබාගෙන ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත්දා (12දා) අත්අඩංගුවට ගනු ලැබූ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා 19 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසාවිනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය. හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් නියෝගයක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව එම නියෝගය ලබාදුනි. මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය ලබාදුන්නේ නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයාව අධිකරණයට රැගෙනවිත් තිබූ නාවික හමුදා ගිලන් රථයට ගොස් ඔහුගේ රෝගී තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. නාවික හමුදා ගිලන් රථයෙන්ම ඔහු බන්ධනාගාර රෝහලට ගෙන යන ලෙසද නියම කළ මහෙස්ත්‍රාත්වරිය ඔහුට ආරක්ෂාව සපයන ලෙසටද නියෝග කළාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්