සීදූව පොලිසියේ ‘ක්‍රයිම් OIC’ අල්ලස් දැලේ

  👤  3855 readers have read this article !
By mawbima 2018-03-14

සීදුව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති රුපියල් 25,000ක අල්ලස් මුදලක් සහ වොඩ්කා වර්ගයේ විදේශීය මත්පැන් බෝතලයක් ලබා ගැනීමේ චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ (13දා) අත්අඩංගුවට ගෙන ඇත.

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් ලද පැමිණිල්ලකට අනුව පැමිණිලිකරු විසින් සීදුව පොලිස් ස්ථානයේ අපරාධ අංශය වෙත කරන ලද පැමිණිල්ලක් විභාග කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන පැමිණිලිකරුට වාසි වන පරිදි නීති මඟින් කටයුතු කරදීමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා අල්ලස් වශයෙන් රු. 25,000ක මුදලක් හා වොඩ්කා වර්ගයේ රට බීම බෝතලයක් ඉල්ලා තිබේ. ඒවා ලබා ගන්නා අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.


සැකකරු අදාළ අල්ලස් මුදල සීදුව පොලිස් ස්ථාන භූමියේදී ලබා ගන්නා අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරනු ලැබූ අතර, වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon