පාතාල නායක ‘බැරල් සංඛ’ පෑලියගොඩදී අල්ලයි

  👤  3663 readers have read this article !
By mawbima 2018-03-14

චාමර අමරසූරිය

පාතාල නායකයකු සහ ප්‍රකට හෙරොයින් ජාවාරම්කරුවකු වන හේරත් මුදියන්සේලාගේ ප්‍රභාත් මදුසංඛ (24) නොහොත් බැරල් සංඛ නමැත්තා හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 780ක් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් පෑලියගොඩ, මිරිස්වත්ත පටුමඟ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් මත සිදු කළ හදිසි වැටලීමකදී මෙම සැකකරුව පෙරේදා (12දා) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඉකුත්දා වත්තල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ ඩී. මංජු හෙවත් දඩල්ලගේ මංජු නමැත්තාගේ ප්‍රතිවාදියකු ලෙසද බැරල් සංඛ ක්‍රියා කර ඇති බවද පාතාල මර්දන ඒකකයන් සඳහන් කරයි.

පෑලියගොඩ ප්‍රදේශයේදී බැරල් සංඛ විසින් මීට ඉහතදී ඩී. මංජුට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර ඊට බැරල් සංඛ රක්ෂිත බන්ධනාගාර ගත වී සිටි බවද එම ඒකකය සඳහන් කරයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ අධීක්ෂණය යටතේ මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon