මහසෝන් බළකායේ ලොක්කාගේ ගෙදරින් බෝම්බ 7ක් අල්ලයි

  👤  4022 readers have read this article !
By mawbima 2018-03-14

චාමර අමරසූරිය

මහනුවර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන "මහසෝන් බළකාය" නමැති ෆේස්බුක් පිටුවේ ප්‍රධානී අමිත් ජීවන් වීරසිංහ කුණ්ඩසාල, නත්තරම්පොත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කාර්යාලයක තිබූ...පෙට්රල් බෝම්බ 7ක්, ජාතිවාදය පතුරවන ආකාරයේ පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා තොගයක් ඇතුළු විමර්ශන සඳහා වැදගත් භාණ්ඩ සහ ලිපි ලේඛන රැසක් සොයා ගැනීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ඊයේ (13දා) අලුයම සමත් වී තිබේ.
මාධ්‍ය ආයතන භාවිත කරන ආකාරයේ මයික්‍රෆෝන් කොටසක්, පරිගණක හතරක්, වාහන බලපත්‍ර, බැංකු පොත්, මුදල් ලද රිසිට්පත්, ජාතිවාදය වපුරුවන ආකාරයේ අත්පලඳනා ආදියද මෙහිදී සොයා ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් අමිත් ජීවන් වීරසිංහ ඇතුළු සැකකරුවන් දස දෙනාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වන කරුණු මත මෙම වැටලීම සිදුකර තිබේ.

අමිත් ජීවන් වීරසිංහ නමැති සැකකරුද කෙංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මීට අදාළව අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් නව දෙනාගේ පුද්ගල නාම සහ ඔවුන් පදිංචි ප්‍රදේශ ඊයේ (13දා) පොලිස් මූලස්ථානයේ පැවැති පොලිස් මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හෙළිදරව් කළේය.

එම සැකකරුවන්ගේ විස්තර මෙසේය.
නස්නාරන් පට්ටිගේ සුරේද සුරවීර (කිඹුල්ගොඩ, යක්කල)
සම්පත් අනුර ශ්‍රී කුමාරසිංහ (වෑවල වැව, දඹුල්ල)
ආරච්චි කුඹුරේ සෝභිත හිමි (කුම්බිටිකුලිය, බංගදෙණිය)
ආසිරි චතුරංග - (කුරුඳුවත්ත, හලාවත)
ඉසුරු ප්‍රියංකර කුමාර - (රජවැල්ල)
සුමිත් චමින්ද - හඳගිරිය, බළන්ගොඩ)
අසංක ප්‍රදීප් වීරසිංහ - (කෙංගල්ල)
ජයනාත් ඇන්ටන් ගුණරත්න - (මුරුතලාව, පේරාදෙණිය)
රශ්මිත බණ්ඩාර මහවත්ත (කොළඹ පාර, හලාවත)
මෙම සැකකරුවන් පිරිස මේ වන විට නුවර සිට කොළඹට රැගෙනවිත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon