සීගිරිය ගැන ඓතිහාසික හෙළිදරව්වක්

  👤  4627 readers have read this article !
By mawbima 2018-03-14

සීගිරියේ සිංහ පාදයට ඉහළින් පැවැති සිංහ රුව කෙබඳු ස්වරූපයකින් තිබුණාද සහ එහි වාස්තු විද්‍යාව, ගෘහ නිර්මාණ ශිල්පය කොයි ආකාරයකින් ගොඩනැඟී තිබුණාද යන්න පිළිබඳව වැදගත් සාධක රැසක් සොයා ගැනීමට හැකි වූ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ක්‍රිශාන්ත ගුණවර්ධන මහතා පවසයි.
සීගිරි පර්වතය කේන්ද්‍ර කරගනිමින් ඒ වටා දිවෙන දිය අගල ආශ්‍රිතව උතුරු දිශාවේ සිදුකළ පුරාවිද්‍යා කැණීම්වලදී සිංහ රූපයක් සොයා ගැනීමත් සමඟ මෙම කරුණු අනාවරණය කරගෙන ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන මහාචාර්ය ක්‍රිශාන්ත ගුණවර්ධන මහතා,
සීගිරියේ සිදුකළ කැණීම්වලදී දිය අගලින් සිංහ රූපය සොයා ගැනීමත් සමඟ අපිට යම්කිසි අනුමානයකට පැමිණීමේ හැකියාව තිබෙනවා, සිංහ පාදයට ඉහළින් පැවැති සිංහ රුව කෙබඳු ස්වරූපයකින් තිබුණාද සහ එහි වාස්තු විද්‍යාව, ගෘහ නිර්මාණ ශිල්පය කොයි ආකාරයකින් ගොඩනැඟී තිබුණාද කියන කාරණය. සිංහ පාදයට ඉහළින් තිබුණු සිංහ රුව කිසියම් විදියක දැව මිශ්‍රණයකින් හදලා තිබුණා. හමු වූ මෙම සිංහයාගේ රුව මැටි මිශ්‍රිත ටෙරාකොටා මිශ්‍ර භාවිත කරමින් නිර්මාණය කරලා යම්කිසි විදියක සිහිවටන ඵලකයක් ලෙස මෙහිදී මෙහි පැමිණෙන සංචාරකයන්ටත් ලබාදී තිබෙන බව නිගමනය කළ හැකියි. දැනට අපිට හමු වී තිබෙන්නේ එක් සිංහ රූපයයි. අපි අනුමාන කරනවා එවැනි සිංහ රූප දිය අගලෙහි තවත් තිබේවි කියලා.

විශේෂයෙන්ම කාශ්‍යප යුගයේ නිර්මාණය කළා යැයි අනුමාන කරන මැටි භාජන රාශියක් අපි සොයාගෙන තිබෙනවා. ඒ වගේම රෝමයේ නිෂ්පාදනය කරපු කාසි විශාල වශයෙන් හමුවී තිබෙනවා. විදේශිත වළං කැබලි රාශියක් හමු වී තිබෙනවා. ඉතාම පැහැදිලිව අපිට කිව හැකියි මේ කාල පරිච්ඡේදය තුළ සීගිරි නගරය රෝමය සහ ආසියාතික රටවල් සමඟ ජාත්‍යන්තර වෙළෙ¼දාම ඉතාම ශක්තිමත් පදනමකින් සකස් කරගෙන තිබුණු බවත් දිය අගල ආශ්‍රිත කැණීම් තවදුරටත් සිදුවන බව ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon