බෝවන රෝගයක් නිසා උෟව-වෙල්ලස්ස සරසවිය වැසේ

  👤  3781 readers have read this article !
By mawbima 2018-03-14

බදුල්ල - ඒ.අයි. හසන්

පැපොල රෝගය පැතිර යෑමේ අවදානමක් මතුවීම මත උෟව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට සරසවියේ පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.දින දෙකක් තුළ පැතිරගිය මෙම රෝගී තත්ත්වය සිසු සිසුවියන් 35 දෙනකුට ශීඝ්‍රයෙන් වැලඳීම නිසා මෙම තත්ත්වය පාලනය කරගැනීමේ විකල්පයක් වශයෙන් සරසවියේ සියලුම පීඨ දින නියමයකින් තොරව වසා දැමීමට පියවර ගත් බවත් විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර පැවැසීය.
සරසවිය තුළ පිහිටි සිසු නේවාසිකාගාරවල සිසු සිසුවියන් 27 දෙනකුත් සරසවියෙන් බැහැර නේවාසිකාගාරවල 08 දෙනකුත් වශයෙන් 35 දෙනකු හට පැපොල රෝගය වැලඳී ඇති බවද හෙතෙම කීය.

සරසවියේ පීඨ හතරේම සිසු සිසුවියන් නේවාසිකාගාරවල එක්ව සිටීමත් මේ අනුව සියලුම පීඨවල සිසු සිසුවියන් අතර මෙම රෝගී තත්ත්වය පැතිර යෑමත් මෙම රෝගය වැලඳුණු බොහෝ පිරිසක් පළමු වසරේ සිසු සිසුවියන් බවත් කීය.

එමෙන්ම සරසවියේ අධ්‍යයන කටයුතු පමණක් මෙලෙස නතර කළ බවත් සෙසු කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බවත් උපකුලපතිවරයා සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon