මහනුවර සිද්ධියට ඇල්ලූ අයගෙන් වැඩි පිරිසක් පිටස්තරයන්

  👤  3796 readers have read this article !
By mawbima 2018-03-14

චාමර අමරසූරිය

මහනුවර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිසගෙන් සැකකරුවන් සියයට විසිපහක්ම වෙනත් ප්‍රදේශවල පදිංචිකරුවන් බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි.

මෙම සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් පොලිසිය විසින් සිදුකරන බවද අමාත්‍යවරයා පැවැසීය.
එම ප්‍රදේශයේ ඇති වූ කලහකාරී තත්ත්වයන් සියයට අනූනවයක්ම මේ වන විට සමනය වී ඇති බවත් ගත වූ දෙදින තුළ කිසිදු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් නුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා නොවූ බවත් රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා කියා සිටී.

රට තුළ පනවා ඇති හදිසි නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ද එය තව දින කිහිපයක් දීර්ඝ කිරීමට සිදුවේවි යැයි ද නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon