පළාත් පාලන නියෝජිතයන්ගේ නම් මේ සතියේ එළියට

  👤  3788 readers have read this article !
By mawbima 2018-03-14

ජේ.ටී.ද සිල්වා

පළාත් පාලන ඡන්දයෙන් තේරී පත්වූ නියෝජිතයන්ගේ නම් ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය මේ සතිය අවසන් වීමට පෙර ප්‍රකාශයට පත් කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ ජේ‍යෂ්ඨ නිලධාරියෙක් "මව්බිම"ට පැවැසීය.

අදාළ ගැසට් පත්‍රයට ඇතුළත්ව ඇති සභිකයන්ගේ නම් පරීක්ෂා කිරීමේ කටයුතු මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මේ දිනවල පරීක්ෂා කෙරෙමින් සිටින බවද එම නිලධාරියා සඳහන් කළේය.

එම ගැසට් පත්‍රය මේ මස 20දාට පෙර නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර තිබිණි.
ගැසට් පත්‍රයේ ඇතුළත් නම්වල සියලු තාක්ෂණික දෝෂ ඉවත් කර මේ සතිය තුළ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මෙම 20දා මන්ත්‍රිවරුන්ට දිවුරුම් දීමටත් සියලු පළාත් පාලන ආයතනවල නිල කටයුතු ආරම්භ කිරීමටත් හැකිවෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon