2018 මුල් දින 36දී 35ක් දුම්රියට බිලි

  👤  2901 readers have read this article !
By mawbima 2018-03-13

මෙම වසරේ ආරම්භක දින 36 තුළ දුම්රිය අනතුරු හේතුවෙන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව 35කි. දුම්රිය මාර්ගයේ සෙල්ෆි ඡායාරූප ගැනීමට දැරූ අවදානම් සහගත උත්සාහය නිසා තරුණ ජීවිත 24ක් 2017 වසරේ රටට අහිමි වී තිබේ.

මාර්ගාරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති ආචාර්ය සිසිර කෝදාගොඩ මහතා මේ බව සඳහන් කරයි.
පසුගිය වසරේදී දුම්රිය හරස් මාර්ගවලදී වාහන ගැටීමෙන් අනතුරු 86ක්ද, වාහන දුම්රිය හරස් මාර්ග ගේට්ටුවල ගැටීමෙන් සිදුවූ හානි 439ක්ද, දුම්රියෙන් මගීන් ඇද වැටීමෙන් සිදුවූ අනතුරු 74ක්ද, දුම්රිය මාර්ගයේ හා දුම්රිය මාර්ග හරහා ගමන් කිරීමෙන් සිදුවූ අනතුරුවලින් 177ක් මියගොස් 260ක් තුවාල ලැබූ බවත් සභාපතිවරයා කියයි.

ඉතා බරපතළ තත්ත්වයක් වූ මෙම මරණ හා අනතුරු ප්‍රමාණය අවම කිරීම සඳහා ආචාර්ය සිසිර කෝදාගොඩ මහතාගේ අදහස අනුව අලියාන්ස් රක්ෂණ සමාගමේ අනුග්‍රහය ඇතිව දුම්රිය හරස් මාර්ග ආශ්‍රිතව මහජනතාව දැනුවත් කිරීමේ පරාවර්තිත පුවරු සවි කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති අතර එහි පළමුවැන්න ඊයේ (12දා) නාවින්න දුම්රිය හරස් මාර්ගය ආශ්‍රිතව සභාපතිවරයාගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon