ඇමැති රංජිත් පොලිස් ලොක්කන් හමුවෙයි

  👤  3080 readers have read this article !
By mawbima 2018-03-13

මහනුවර දිස්ත්‍රික්කය තුළ ඇතිවූ කලහකාරී වාතාවරණය සහ රටේ වත්මන් ආරක්ෂක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පොලිස් ප්‍රධානීන් කැඳවා ඊයේ (12දා) සාකච්ඡා කර තිබේ.

මෙම විශේෂ සාකච්ඡාව සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් යන මහත්වරුන් ඇතුළු ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගි වී ඇත.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේදී මෙම විශේෂ සාකච්ඡාව ඊයේ පෙරවරු 10.30 සිට පස්වරු 12.30 පමණ තෙක් පවත්වා ඇත.
ජාතිවාදී ගැටලු මර්දනය කිරීම, පාතාල සහ මත්ද්‍රව්‍ය මර්දනය ඇතුළු කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon