ලුණු පැකට් එකක වේළුණු ගෙම්බෙක්

  👤  3538 readers have read this article !
By mawbima 2018-03-13

පරිභෝජනය සඳහා වෙළෙඳසලෙන් රැගෙන ආ ලුණු පැකට්ටුවේ මියගොස් වේළුණු ගෙම්බෙක් සිටි බව පොළොන්නරුව බැඳිවැව ආයුර්වේද වෛද්‍යවරයකු වන කේ.පී. රවින්ද්‍ර කුමාර මහතා කියයි.

ඒ මහතා මෙසේද කීය. මම පසුගිය දවසක ගේ ළඟ කඩෙන් ලුණු ඇතුළුව වෙනත් කෑමට ගන්නා බඩු ගෙදරට ගෙනාවා. ඊයේ (12දා) උදේ මම ලුණු පැකට් එක කඩලා වෑංජනයට දාන්න හදනකොට ලුණු පැකට් එක ඇතුළේ ලොකු ලුණු කැටයක් තිබුණා. ඒක මම පොඩි කරන කොට කළු පාට මොකක්දෝ තිබුණා. බලපුවාම ගෙම්බෙක්.
මට හිතාගන්න බෑ මොකක්ද මේ කියලා. මම දන්න විදියට ගෙම්බෝ විස සහිත අය ඉන්නවා. මේ ලුණු පැකට් එක අයිති සමාගම හම්බන්තොට ප්‍රදේශයේ එකක්. එම සමාගම විසින් රට පුරා මේ ලුණු බෙදාහැර තියෙනවා.

කවුරු හරි කියනවා නම් අපි බොරුවක් කියනවා කියලා මේ ගෙම්බා පරීක්ෂා කර බලන්න පුළුවන්. ලුණු පැකට් එකේ හිටියාද නැද්ද කියලා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂා කිරීමෙන් පසු මිනිස් පරිභෝජනයට සුදුසු බව අනුමත කරන ලද ලුණු පැකට් එකක් තමයි මේ.

මේ ලුණු පැකට් එක (ඉඹ්ඉ) ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය තිබෙන එකක්. ඒකයි පුදුම වැඩේ. මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියටත් මම පැමිණිලි කළා. ජනතාව පරිභෝජනය කරන ආහාර පිළිබඳ සෞඛ්‍ය අංශ බලධාරීන් දැඩි ක්‍රියාමාර්ග ගතයුතුයි යැයි වැඩිදුරටත් ඒ මහතා කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon