වැන්දඹුවන්ට විදින නීතිඥ මහත්තයා රිමාන්ඩ්

  👤  3403 readers have read this article !
By mawbima 2018-03-13

තරුණියන් හා වැන්දඹුවන් විවාහ කර ගන්නා බවට පවසමින් ඔවුන් සතු මුදල් වංචා කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් නීතිඥවරයාට එරෙහිව තවත් එවැනි වංචනික ක්‍රියාවන්ට හසුවූ කාන්තාවන් නාරාහේන්පිට පොලිස් ස්ථානය වෙත පැමිණිලි කරන බව උසස් පොලිස් නිලධාරියෙක් "මව්බිම"ට පැවැසීය.
මෙම නීතිඥවරයා මෙලෙස කාන්තාවක් විවාහ කර ගන්නා බවට පවසමින් ඇයගෙන් රුපියල් ලක්ෂ 2ක මුදලක් ලබාගත්තේ යැයි පවසමින් ඊට හසුවූ කාන්තාවක් ඊයේ (12දා) නාරාහේන්පිට පොලිසිය වෙත දුරකතනය හරහා දැනුම් දී තිබේ.

ඒ සම්බන්ධයෙන් අදාළ කාන්තාව ඉදිරි දිනෙක නාරාහේන්පිට පොලිසිය වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කරයි. සති අන්ත පුවත්පත්වල දැන්වීම් පළ කරමින් ඔහු මෙම වංචනික ක්‍රියාව දීර්ඝ කාලයක් තිස්සේ සිදුකර ඇති බවද පොලිසිය පවසයි.
මෙම නීතිඥවරයා නීත්‍යනුකූල බිරියගෙන් වෙන් නොවී සහකාර ගණකාධිකාරවරියක සහ මීගමුව ප්‍රදේශයේ ධනවත් කාන්තාවක් විවාහ කරගෙන ඇති බවටද පරීක්ෂණවලදී අනාවරණය වූ බව උසස් පොලිස් නිලධාරියෙක් "මව්බිම"ට පැවැසීය.

ඉකුත් 08 වැනි දින අත්අඩංගුවට ගත් සැකකාර නීතිඥයා ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
නාරාහේන්පිට පොලිසිය මේ පිළිබඳ ඉදිරි විමර්ශන සිදුකරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon