රනිල් ගෙදර යැවීම හීනයක්

  👤  3854 readers have read this article !
By mawbima 2018-03-13

විපක්ෂ නායක ධුරයේ සිටි රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමට නොහැකි වූ කණ්ඩායම්වලට අගමැති රනිල් ඉවත් කිරීම සිහිනයක් බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න කියයි.

'අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් නායකයාට විරුද්ධව කටයුතු කරන්නෙ නැහැ. සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නය විස¼දා ගන්නවා.'
අගමැතිවරයා ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් දියත් කළහොත් එම සටන මාස හයකට වැඩි කාලයක් කරගෙන යන්න සිදු වෙනවා. එවිට අපට ජනතාවට සේවා සලසන්න බැහැ. එහි වාසිය ලැබෙන්නෙ විපක්ෂයටයි.

රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක ධුරයේ සිටියදී පවා ඔහු ඉවත් කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කළා. නමුත් ඉවත් කරගන්න බැරි වුණා. එහෙම බැරි වූ රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයේ සිටින විට ඉවත් කර ගන්නෙ කොහොමද කියා ප්‍රශ්න කරන්න මම කැමැතියි' යනුවෙන්ද ඇමැතිවරයා කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon