මියන්මාර් තරුණිය කෙලෙසූ කොස්තාපල්ට ඇප නෑ

  👤  3626 readers have read this article !
By mawbima 2017-07-17

කුමුදු උපුල් ශාන්ත

අසනීපයකට ප්‍රතිකාර ලබා කළුබෝවිල රෝහලෙන් පිටව යෑමට සූදානම් වූ මියන්මාර් ජාතික 21 හැවිරිදි තරුණියක්ව පැපිලියාන ප්‍රදේශයේ පිහිටි හෝටලයකට ගෙන ගොස් දූෂණය කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකාර පොලිස් කොස්තාපල්වරයාට ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කළ මෝසමක් ප්‍රතික්ෂේප කළ නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් අනුෂ්ක සෙනවිරත්න මහතා සැකකරු මෙම 20 වනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.
සැකකාර කොස්තාපල්වරයා වෙනුවෙන් පෙනී සිටි සුනිල් හෙට්ටිආරච්චි, වසන්ත රණසිංහ, දේශිකා දහනායක, උදය ලියනගේ යන නීතිඥ මහත්ම මහත්මීන් ඉදිරිපත් කළ මෝසමක් එසේ ප්‍රතික්ෂේප කෙරිණි.

මෙම වින්දිත තරුණිය මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි තැනැත්තියක් බවත් සැකකාර කොස්තාපල්වරයා එම රැඳවුම් මධ්‍යස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි පුද්ගලයකු බවත් එවැනි පුද්ගලයකු අතින් මෙවැනි කාරණයක් සිදුවීම බරපතළ කාරණයක් බවත් ඇප ප්‍රතික්ෂේප කරමින් මහෙස්ත්‍රාත්වරයා පැවැසීය.

තවද එම තරුණිය මේ වන විටද රෝහල්ගතව සිටින බවත් සැකකරුට ඇප ලබාදීමෙන් මහජන කැලඹීමක් ඇතිවීමට ඉඩ ඇති බවත් එබැවින් ඇප ප්‍රතික්ෂේප කරන බවද මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් පැවැසීය.කොහුවල පොලිසියේ උප පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර මහතා පැමිණිල්ල මෙහෙයවීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්